• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

පෙරේරා ඇන්ඩ් සන්ස් වෙතින් ත්‍රිකුණාමලය මූලික රෝහලට වෛද්‍ය ජල ප්‍රති ආශ්‍රැතිකරණ පද්ධතියක්

10 November 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera and Sons) සමාගම පසුගියදා ත්‍රිකුණාමලය මූලික රෝහලේ රුධිර කාන්දුපෙරණ ඒකකයට වෛද්‍ය ජල ප්‍රති ආශ්‍රැතිකරණ පද්ධතියක් [Reverse Osmosis (RO) plant] පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය.

ජලයට මිශ්‍ර වී ඇති රෝගකාරක විෂබීජ මෙන්ම, භූගත ජල මූලාශ්‍ර වල අඩංගු විය හැකි හානිකර රසායනික ද්‍රව්‍ය පෙරා ඉවත් කිරීමට මෙම යන්ත්‍ර වලට හැකියාව ඇත. මෙම යන්ත්‍රය නිෂ්පාදනය කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂඥ ඉංජිනේරුවන් විසිනි.

1940 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මූලික රෝහලෙහි මේ වනවිට වෛද්‍යවරුන් 97 දෙනෙකු, සහ හෙද හෙදියන් හා උපස්ථායක කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 608 දෙනෙකු සේවය කරති. ඇඳන් 523 කින් සමන්විත මෙම රෝහලෙහි රුධිර කාන්දුපෙරණ ඒකකයක්ද පිහිටුවා තිබේ. ඇඳන් 7 කින් යුත් මෙම රුධිර කාන්දුපෙරණ ඒකකයට, දිනකට රෝගීන් 14 දෙනෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත.

මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මූලික රෝහලේ රුධිර කාන්දුපෙරණ ඒකකයේ ප්‍රධානී වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් වීරසිංහ මහතා කියා සිටියේ මෙය තමන් වසර 3 ක් පුරා දුටු සිහිනයක් සැබෑවීමක් බවයි. අතිශයින් කාර්යක්ෂම යන්ත්‍රයක් වන මෙම RO යන්ත්‍රය මගින් රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ඇතුළු සියලුම දෙනාගේ පරිභෝජනය සඳහා ස්ථාවර, පිරිසිදු පානීය ජල සැපයුමක් හිමිවනු ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ කුරුණෑගල දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මෙම පරිත්‍යාගය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදීමට පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම ඉදිරිපත් විය. මෙම පරිත්‍යාගය, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 3 වන ඉලක්කය (නිරෝගී බව හා යහපැවැත්ම) සහ 6 වන ඉලක්කය (පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව) සාක්ෂාත් කරගැනීමේ දීර්ඝකාලීන උත්සාහයට සමගාමී පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

ජලය පිරිපහදු කිරීම සඳහා බහුල වශයෙන් භාවිතා වන RO තාක්ෂණය තුළදී, අර්ධ පාරගම්‍ය පටලයක් හරහා පීඩනයක් යටතේ ජලය යොමුකරවීම තුළින් ජලයේ අඩංගු අහිතකර ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු වේ. මෙම පටලය මගින් අපවිත්‍රකාරක අණු වෙන්කර රඳවා ගන්නා අතර, පිරිසිදු ජල අණු වලට පමණක් ඒ හරහා ගමන් කිරීමට ඉඩකඩ සලසයි. මෙම තාක්ෂණය, දැනට පවතින හොඳම ජල පිරිපහදු ක්‍රමවේදයක් ලෙස සැලකේ.

“රට තුළ ඉතාම ජනප්‍රිය සහ වගකීම්සහගත සන්නාමයක් ලෙස, රටේ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් අප ප්‍රමුඛතම අවධානයක් යොමුකර තිබෙනවා. පිරිසිදු පානීය ජලය යනු මූලික මිනිස් අයිතිවාසිකමක්. එහෙත් පිරිසිදු පානීය ජලය හිඟ වීම, මේ වනවිට ශ්‍රී ලංකාවට මෙන්ම මුළුමහත් ලෝකයටම දරුණු ලෙස බලපා ඇති ගැටලුවක් බවට පත්වී තිබෙනවා. එම ගැටලුව අවම කිරීමේ පියවරක් වශයෙන් මේ ආකාරයට ත්‍රිකුණාමලය මූලික රෝහලට RO යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට හැකිවීම අපට මහත් සතුටක්.” පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂ කමල් ජේමන් මහතා පැවසී ය.

“මෙම පරිත්‍යාගය, සමාජයට යහපතක් සිදුකරමින්, අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත හා තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට අප දරන උත්සාහයේ එක් පියවරක්. මෙය අපගේ එදිනෙදා ජීවිතයට ජලය කෙතරම් වැදගත්ද යන්න සහ, ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම කෙතරම් වැදගත්ද යන්න අවධාරණය කරන පියවරක්ද වනු ඇතැයි කියා අප සිතනවා.” පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමේ අධ්‍යක්ෂිකා (ආයතනික කටයුතු) රුවිනි කාරියවසන් මහත්මිය පැවසුවා ය.

“මනුමෙහෙවර’ යන සන්නාමය යටතේ ක්‍රියාත්මක වන අපගේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන, විවිධ දුෂ්කරතා වලින් පෙළෙන පුද්ගලයන්ට හා ප්‍රජාවන්ට අත්වැලක් වීමට සෑම විටම සූදානමින් සිටිනවා. එය සෑම කෙනෙකුගේ දෛවය සපුරාලීම ඉලක්ක කරගත් සහ, සෑම විටම අනෙකාගේ යහපත වෙනුවෙන් කැපවුණු මෙහෙවරක්. මෙම පරිත්‍යාගය එහි එක් අදියරක් පමණයි. ඉදිරියේදී තවත් මෙවැනි ප්‍රජා සත්කාරයන් රාශියක් ක්‍රියාවට නැංවීමට අප බලාපොරොත්තු වෙනවා.” පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී ගිහාන් පෙරේරා මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ ක්ෂණික සේවා ආපනශාලා (QSR) කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම 2020 වසරේ LMD ‘Top 100 Most Loved Brands’ ලැයිස්තුවට ඇතුළත් වීමටද සමත් විය. සියවසකට අධික කාලයක් තිස්සේ එය ශ්‍රී ලාංකිකයන් වෙත ප්‍රණීත ආහාරපාන සපයමින් සිටී. පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමේ ආරම්භයට මුල් වූ සාම්ප්‍රදායික වටිනාකම් තවමත් එහි ඉදිරි ගමනට පන්නරය ලබාදෙන අතර, දිවයින පුරාම ජනතාවගේ යහපත වෙනුවෙන් ප්‍රජා සත්කාරයන් ක්‍රියාවට නංවමින් එය තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමේ මෙහෙවරට උරදී සිටී.

 

 

පිටපත – PR

Post Views: 1
Previous Post

16 වනදා සජබ වෙනුවෙන් කොළඹ එන සෑම පුද්ගලයෙකුම PCR කරන්න – තිස්ස කුට්ටිආරච්චි

Next Post

මාස 3ක් පුරා සීඅයිඩියේ රඳවා සිටි කීර්ති රත්නායක පොලිස් ඇමැති ඇතුළු 20 කට එරෙහිව නඩු දමයි..!

editor

editor

Next Post

මාස 3ක් පුරා සීඅයිඩියේ රඳවා සිටි කීර්ති රත්නායක පොලිස් ඇමැති ඇතුළු 20 කට එරෙහිව නඩු දමයි..!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved