වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය හා වෙනත් ප්‍රසංග සඳහා රංග ශාලාවන්හි ආසන ධාරිතාවයෙන් 50% ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් එක් දර්ශන වාරයකට සහභාගී කරවිමේ සීමාවට යටත්ව විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් එම සිමාවන් නිකුත් කර ඇති අතර 2020 ජුලි 15 වන දින පටන් රංග ශාලාවන් විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.
මෙම ප්‍රදර්ශන කටයුතුවලදී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ පිළිපැදීම අනිවාර්යය වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා වැඩිදුරටත් කියා සිටි.