මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) දීීප ව්‍යාප්ත ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව වාර්තා වෙයි.
ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසන ආකාරයට ඔවුන් මෙතෙක් ගෙන ගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 08 ක් ගතව ඇති නමුත් මේ දක්වා වගකිව යුත්තන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් දක්වා නැත.
ඒ මත ඔවුන් සඳහන් කරන්නේ අද දින දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන් අසනීප නිවාඩු වාර්තා කර ඇති බවය.
මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කරන කාර්යයන් රැසක් අඩපණ වනු ඇතැයි ද ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව ආහාර සෞඛ්‍ය කටයුතු පරීක්ෂාව, ගොඩනැගිලි අයදුම් පත්‍ර පරීක්ෂාව, වෙළඳ සැල් පරීක්ෂාව, කැළිකසල කළමනාකරණ කටයුතු ආදී කටයුතු සියල්ල අද අක්‍රීය වීමට නියමිතය.