27 April 2024
#දේශීය

IDH වෙතින් පළාගිය රෝගියා අල්ලයි : අසරණ රියදුරා කන්දකාඩුවට

 IDH  රෝහලෙන් පලා ගොස් සිටි කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ සිට ජාතික රෝහල තෙක් රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

එසේම  කොළඹ ජාතික රෝහල අසළ දී සොයා ගත් කොරෝනා ආසාදිතයා නැවතත් IDH  රෝහල වෙත ගෙන ගොස් ඇති බවත් වාර්තා වෙයි.

මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද (24) අලුයම 2 ට පමණ රෝහලෙන් පලා ගිය ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී සොයා ගනු ලැබීය.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ IDH   රෝහලෙන් පිට වී ආසාදිතයා කොළඹ කෙලින් විථීයට ගොස් එතැන් සිට ත්‍රීරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට එම පුද්ගලයා පැමිණ ඇති බවය.

එම රෝගියා කොළඹ කෙලින් විථීයට පැමිණ ඇත්තේ කෙසේ දැයි මේ වන විට සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද පොලිස් විමර්ශන සිදුවෙමින් ඇති බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *