ඉතාලියේ මොන්සා (Monza) හිදී පැවැත්වෙන ෆෝමියුලා 1 (F1) ඉතාලි ග්‍රෑන්ඩ් ප්‍රී මෝටර් රථ තරගයේ සුදුසුකම් ලැබීමේ වටයේදී, ප්‍රියතමයන් පරදා ප්‍රංශ ජාතික ඇල්පයින් (Alpine) රියැදුරු පියෙර් ගස්ලි (Pierre Gasly) සිය කාරියර් ජීවිතයේ ප්‍රථම වතාවට ප්‍රධාන ආරම්භක ස්ථානය (Pole Position) දිනා ගැනීමට සමත්ව තිබේ.
මීට පෙර 2020 වසරේදී ඇල්ෆාටෝරි (AlphaTauri – දැනට රේසිං බුල්ස්) කණ්ඩායම නියෝජනය කරමින් මොන්සා හිදී සිය ප්‍රථම F1 ජයග්‍රහණය වාර්තා කළ ගස්ලි, මෙවර තරගයේදී විනාඩි 1:21.786 ක කාලයක් වාර්තා කරමින් මෙම විශිෂ්ඨ ජයග්‍රහණය ලබා ගත්තේය. එය දෙවැනි ස්ථානයට පත් මෙර්සිඩීස් කණ්ඩායමේ ජෝර්ජ් රසල්ගේ කාලයට වඩා තත්පර 0.060 ක ක්ෂණික ඉදිරියකින් පසුවීම විශේෂත්වයකි. මෙම සුදුසුකම් ලැබීමේ වටයේදී ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලෙක්ලර්ක් සිව්වන ස්ථානයත්, ලුවිස් හැමිල්ටන් පස්වන ස්ථානයත් හිමික කර ගත්හ.














