මාතලේ දිස්ත්‍රික්කයේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මිලියන 3.5ක් මේ වන විට තැන්පත් කර ඇති බවත් ඉදිරියේදී තවත් මිලියන 3ක් තැන්පත් කිරීමට නියමිත බවත් ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ජලජීවි ව්‍යාප්ත නිලධාරි ප්‍රියන්ත මඩුගල්ල මහතා පවසයි.
සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (22) පැවැති මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට සහභාගි වෙමින් මඩුගල්ල මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.
මේ වන විට ජලාශවලින් මෙට්‍රික් ටොන් 700ක මත්ස්‍ය අස්වැන්නක් ලබාගෙන ඇති බවත් වසර අවසන් වන විට එය මෙ.ටොන් 1500ක් වනු ඇති බවත් මඩුගල්ල මහතා සදහන් කළේය. ජලාශවලට මුදා හැරීම සදහා මත්ස්‍ය පැටවු මිලියනයක ප්‍රමාණයක් පෞද්ලික අංශයෙ පොකුණුවලින් මේ වසරේ දී මේ වනවිට මිලදී ගෙන ඇති බවත් ඉදිරි මාස කීපයේදී තවත් මිලියන් 0.5ක ප්‍රමාණයක් මිලදී ගැනීමට නියමිත බවත් මඩුගල්ල මහතා සදහන් කළේය. එසේම ජලාශ තුල පාවෙන කූඩු දැල් තුල මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය කිරිමේ වැඩ සටහන මගින් මිලියන 3.2ක මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය කිරීමේ ඉලක්කය වෙත ලගා වෙමින් පවතින බවත් ජලාශ 7ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවත් මඩුගල්ල මහතා පැවැසීය. එසේම සුරතල් මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනක්ද ජලජීවි වගා අධිකාරිය මගින් මාතලේ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කෙරේ.
මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා අජිතා මානික්‍රම, දිස්ත්‍රික් ගොවිජන සේවා නියෝජ්‍ය කොමසරිස් කුමාරිහාමි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න