27 April 2024
#දේශීය

අලුත් ඇමැතිවරු දිවුරුම් දීම ජනපතිගේ විදෙස් ගමනින් පසුවද !

ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 26 වනදා දිවයිනෙන් පිටවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා ජපානය හා පිලිපිනය වැනි රටවල් දෙකෙහි සංචාරයේ නිරත වන අතර එළැඹෙන 30 වනදා යළි දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

එමෙන්ම වත්මන් ජනමතය පොදු ජන පෙරමුණ ලබා ගත් එකක් බවත් ඒ නිසා සිය පක්ෂය ප්‍රමුඛ මන්ත්‍රීවරුන්ට කිසිදු වරප්‍රසාදයක් නොමැති විම හේතුවෙන් පොදු ජන පෙරමුණේ ප්‍රබල මන්ත්‍රීවරුන් මේ වන විට දැඩි කලකිරීමෙන් සිටිනු වාර්තා වේ.

කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සිටින මන්ත්‍රීවරුන්ට ජනාධීපතිවරයාගේ විදෙස් ගමනින් පසුව අමාත්‍ය ධුර පිරිනමන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සියළු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට මේ වන විට අමාත්‍ය ධුර ලබා දිමට කටයුතු කරනු ඇති බව ඉතා විශ්වාස කටයුතු සඳහන් කරයි. ඒ පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකුට විශේෂ අමාත්‍ය ධුරයක් ද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට ද අමාත්‍ය ධුරයක් ලැබුණු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට ඇතැම් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තමන්ට අමාත්‍ය ධුරයක් නොමැතිව ජනතාව අතර විශ්වාසය ගොඩ නගා ගැනීමට නොහැකි බවයි. එසේම එළැඹෙන මැතිවරණයට පෙර තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමටනම් අමාත්‍ය ධූරයක් ලබා ගැනීමත් ජනතාව අතර විශ්වාසය ඇති කර ගැනීමට කටයුතු කිරීම කල යුතුව ඇති බව ඔවුන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *