• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

PLC මෙම වසරේ පළමු කාර්තුවේ 80.9% ක වර්ධනයක් වාර්තා කරයි

2 October 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය මූල්‍ය ක්ෂේත්‍රය තුළ ශක්තිමත් මෙන්ම ස්ථාවර සමාගමක් වන පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් පීඑල්සී (PLC) 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සාර්ථක අයුරින් අවසන් කිරීමට සමත්විය.

අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ පසුගිය වසරට සාපේක්ෂව 80.9% ක ලාභාංශ වර්ධනයක් වාර්තා කිරීමට සමත්වී ඇත.

මෙම කාර්තුව තුළ PLC හි පොලී ආදායම 10.2%ක වැනි ආකර්ෂණීය අගයක් වාර්තා කළ අතර, එමගින් ආයෝජන ආදායම රුපියල් මිලියන 7,465 අගයක් වාර්තා කළේය. නමුත් 2022/23 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සමඟ සැසඳීමේ දී සමාගමේ ශුද්ධ පොලී ආදායමේ සුළු පහළයාමක් පෙන්නුම් කල අතර එය බොහෝවිට ඉහළ ප්‍රතිපත්ති අනුපාත වලට අනුකූලව ඉහළ පොලී අනුපාත තැන්පතු සැකසීම නිසා ඇතිවූ පොලී වියදම්වල ඉහළයාමේ ප්‍රතිඵලයන් ලෙස සිදුව ඇත. 2022/23 වසරේ පළමු කාර්තුවේ රුපියල් මිලියන 183ට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී ප්‍රකාශිත ශුද්ධ පොලී අනුපාතයේ අඩුවීමක් තිබියදී ද, මේ වසරේ බදු ගෙවීමෙන් පසු ලාභය (PAT) රු. මිලියන 331 ක් වාර්තා කිරීම තුළින්, ආයතනයක් විදිහට PLC සිය ආයතනික අභ්‍යන්තර තිරසරභාවය වෙනුවෙන් සිදුකරන්නා වූ කැපවීම මැනවින් පෙන්නුම් කරන්නකි.
මෙයට සමගාමීව PLC සමූහය, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ රු. මිලියන 552ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහ ගෙවීම් සහ ණය සහ අයකරගැනීමේදී සිදුවන අලාභ සමඟින් පසුගිය වසරට සාපේක්ෂව 21.5%ක වාර්තාගත ලාභයක් වාර්තා කිරීමට හැකි වී තිබේ.

තවද ඉහළ උද්ධමනකාරී වාතාවරණයක් තුළ වුවද, ඩිජිටල් මෙහෙයුම් කාර්යයන් දියත් කරමින්, ආයතනික සහ ශාඛාවන්හි අභ්‍යන්තර කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමට ගත් අධිෂ්ඨානශීලි උත්සාහය හේතුවෙන් පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේදී ප්‍රතිශතාත්මක 3.5%ක අගයකින් මෙහෙයුම් වියදම් අඩුකර ගැනීමටද PLC සමත්ව ඇත. තවද ව්‍යාපාර පුළුල් කිරීමට හිතකර නොවන පරිසරයක, සිය ශේෂ පත්‍රය නැවත ක්‍රමාංකනය කිරීමේ වැදගත්කම PLC විසින් හඳුනාගෙන ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2023 ජුනි 30 වන දිනය වන විට සමස්ත ආයතනික වත්කම් ප්‍රමාණය රු. මිලියන 155,380ක් විය. මෙම උපායමාර්ගික පියවර අනුව යමින් PLC සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය 2023 ජුනි 30 වන දිනය වන විට රු. මිලියන 179,948 ක් විය.

අස්ථාවර සහ සංකීර්ණ ව්‍යාපාරික පාරිසරික තත්වයක් තුළ PLC, සිය ව්‍යවස්ථාපිත අවම අගයන්ට වඩා වැඩි ප්‍රාග්ධනයක් හිමිකර ගනිමින් සිය මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම උදෙසා ඉතා විනයකරුක ද්‍රවශීලි කළමනාකරණ ප්‍රවේශයක් අනුගමන කිරීමට යොමුවිය. PLC හි අරමුදල් අවශ්‍යතා වලින් වැඩි ප්‍රමාණයක් සිය වැඩිදියුණු කළ එක්රැස් කිරීම් ඔස්සේ සපුරා ගැනිමට සමත්ව ඇති අතර, ඉහළ පොලී තත්වයන් තුළ සිය තැන්පතු පදනම වර්ධනය කර ගැනීමට මෙමගින් වැඩි අවකාශයක් ඇත. මෙවැනි තත්වයක් තිබීයදී ද PLC සමාගම 2023 ජුනි මස 30 වන දින වන විට සිය තැන්පතු ප්‍රමාණය රුපියල් මිලිනය 93,228 දක්වා වර්ධනය කර ගනිමින් ඉහළ පාරිභෝගික විශ්වාසය මැනවින් පෙන්නුම් කර ඇත. තවද සමූහයේ තැන්පතු පදනම ද 2023 ජුනි 30 වන දිනය වන විට රු. මිලියන 100,439ක් හිමිකර ගනිමින් ශක්තිමත් ස්ථාවරත්වයක් වාර්තා වේ. මෙයට අමතරව, LMD Brands Annual හි Brand Finance මගින් PLC ආයතනය, ලීසිං සහ ෆිනෑන්ස් කාණ්ඩයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරණීය සන්නාමය ලෙස ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ද සමත්විය. විශේෂයෙන් වසරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ LMD ශ්‍රේණිගත කිරීම් වල අංක 51 සිට 36 දක්වා සීග්‍ර වර්ධනයක් හිමිකර ගනිමින් ”වඩාත් ගෞරවණිය ආයතනයක්” බවට පත්වීම, ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවණීය සහ විශ්වාසවන්ත සේවා සැපයුම්කරුවෙක් ලෙස සිය විශිෂ්ට කැපවීමට මනා සාක්ෂියකි.

සිය විශ්වාසය සහ PLC සිය ගනුදෙනුකරුවන් වෙත දක්වන කැපවීම අවධාරණය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරි ශමින්ද්‍ර මාර්සිලින් මහතා මෙසේ ප්‍රකාශ කළේය, ” මේ වසරේ පළමු කාර්තුවේ අපේ කාර්ය සාධනය තුළින් සංකීර්ණ, ගතික වගේම අභියෝගාත්මක ව්‍යාපාරි පරිසරයක අපට ගමන්කිරීමට ඇති හැකියාව මැනවින් ඔප්පු කර තිබෙනවා. එය අපේ වටිනා ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් අපේ නොසැලෙන කැපවීම සහ අපගේ මෙහෙයුම් මූලධර්ම වල ශක්තිය පෙන්නුම් කිරීමක්ද වෙනවා. ඒ වගේම විපත්ති හමුවේදී කිසිදු පැකිලීමකින් තොරව, ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් පෞද්ගලික සහ ව්‍යාපාර සඳහා පවා මූල්‍ය විසඳුම් ලබාදෙමින් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ සමෘද්ධිය වෙනුවෙන් අපි යොමු වුනා.”

තවද මෙම සමාගමේ විචක්ෂණශීලි අවදානම් කළමනාකරණය සහ එකතුකිරීම් වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ණය සහ අනෙකුත් ගෙවීම් කාර්යයන් වලදී සිදුවන අලාභයන් 2022/23 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට වඩා මෙම වසරේ පළමු කාර්තුව තුළ ප්‍රතිශතාත්මකව 74% ක කැපීපෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන අතර, එය සමාලෝචනයට ලක්වන කාල සීමව සඳහා රුපියල් මිලියන 442 ක ප්‍රමාණයකි. ව්‍යාපාර වර්ධනය සඳහා සීමිත අවස්ථා සහිත ඉහළ පොලී පාලනය ක්‍රමවේදයක් යටතේ PLC සමාගමේ සහ සමූහයේ ණය සහ හිමිවියයුතු ආයෝජන 2023 ජූනි 30 වන දින වන දිනට පිළිවෙලින් රු. මිලියන 104,051 සහ රු. මිලියන 116,292ක් විය.

පිටපත – PR

Post Views: 2
Previous Post

ජනාවාසකරණයේ දී නවීන තාක්ෂණය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි – අගමැති

Next Post

සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක්

editor

editor

Next Post

සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved