27 April 2024
#දේශීය

සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක්

ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන ඉන්දියානු සාගර කලාපීය රටවල් 28 ක් සහභාගීවයෙන් හෙට (04 ) දින පැවැත්වීමට නියමිතයි.

ඒ, සුනාමි ආපදාවට මුහුණදීම සදහා කලාපීය රටවල ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීමේ සහ අවමකිරීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning and Mitigation System-IOTWMS) හා යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

ශ්‍රී ලංකාව ද මෙම සහයෝගීතාව හා සම්බන්ධ රටක් වශයෙන් මෙම කලාපීය සුනාමි පෙරහුරු වැඩසටහනට සමගාමීව “සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන” හෙට දින උදෑසන 9.30 සිට 11.30 දක්වා කාලය තුළ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මුලික කරගනිමින් පැවැත්වීමට සංවිධානය කර ඇත.

මෙම කාලය තුළ සුනාමි අවදානමක් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන පැවැත්වෙන කාල සීමාව තුළ සත්‍ය වශයෙන්ම සුනාමි අවදානමක් ඇතිවුව හොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඒ පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව දන්වා සිටිනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *