ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි (Mark Carney) අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (02) නව දිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේදී පැවැත්විණි. දෙරට අතර උපායමාර්ගික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව පෙබරවාරි 27 වනදා ඉන්දියාවට පැමිණි මාර්ක් කාර්නි මහතාගේ ප්‍රථම නිල සංචාරය මෙයයි. වෙළෙඳ සහ ආයෝජන, බලශක්තිය, කෘෂිකර්මය, අධ්‍යාපනය සහ පර්යේෂණ යන ක්ෂේත්‍රවල ප්‍රගතිය පිළිබඳව නායකයන් දෙපළ මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කර ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ද කැනඩා අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර, දෙරට අතර ඉදිරිගාමී හවුල්කාරිත්වයක් ගොඩනැගීම සඳහා ඔහු දක්වන කැපවීම අගය කළේය. මීට අමතරව නායකයන් දෙපළ ඉන්දියාව සහ කැනඩාව අතර ප්‍රධාන විධායක නිලධාරීන්ගේ (CEOs Forum) හමුවට ද සහභාගී වීමට නියමිතය.
මෙම සංචාරය ඉන්දියාව සහ කැනඩාව අතර ද්විපාර්ශ්වික සබඳතා යථා තත්ත්වයට පත්වීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මුම්බායි නුවරින් සිය සංචාරය ආරම්භ කළ කැනඩා අග්‍රාමාත්‍යවරයා අද සිය සංචාරය නිමා කරමින් ආපසු කැනඩාව බලා පිටත්ව යනු ඇත.
















