පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යන යුද නෞකාවන් ද්විපාර්ශ්වික සුහද සංචාරයක් සඳහා ඊයේ (12) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව මෙම නෞකාවන් පිළිගැනීමට කටයුතු කළහ. ‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නියාමත් සයිඩ් ඛාන් (Niamat Saeed Khan) කටයුතු කරන අතර ‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නදීර් මතීන් අෆ්රිඩි (Nadir Mateen Afridi) කටයුතු කරයි.
මෙම සංචාරය අතරතුර පාකිස්ථානු නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව “LION STAR V” නම් ඒකාබද්ධ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක නිරත වීමට ද නියමිතව ඇත. දෙරට අතර පවතින නාවික සහයෝගීතාවය සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි.
















