• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුවට රට හදන්න බෑ – අනුර දිසානායක

4 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එදා ගෝඨාභය ගෙනල්ලා රට හදයි කියලා බලාපොරොත්තු වෙච්ච අය, අද දන්නවා පොහොට්ටුවට යළි එය කරන්න බැරි බව, ඒ නිසා ඒ අයත්, එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අය අද ජාතික ජන බලවේගයට එකතු වෙලා තියෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළාවැව ආසන සමුළුව අමතමින්ය. අනුර කුමාර දිසානායක මහතාගේ උපන් ගම් පියස වන තඹුත්තේගම නගරයේ බස් නැවතුම්පලෙහි මෙම ජන හමුව පැවැත්විණි.එම ජනහමුව සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ මවද සහභාගී වී සිටියහ.මෙම ජනහමුව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක, වසන්ත සමරසිංහ මහතා විසින් සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා, ” අසූ ගණන් වල අග භාගයේ ආවා දුප්පතාගේ හිතවතා කියලා, 1994 ආවා විහාර මහා දේවී ලෙස, 2005 දී ආවා දුටුගැමුණු ලෙස, 2015 දී ආවා පොලොන්නරුවේ ගැමියා ලෙස, ඊට පස්සේ ආවා වැඩ කරන විරුවා, ඊට පස්සේ වැඩකරන විරුවාපට්ටන්ගහගෙන ගෙදර ගියා, දැන් ආසියාවේ ලොකුම මොළය ඇවිල්ලා කියනවා, විවිධ ආකාරයේ විවිධ වේශනිරූපනයෙන් එනවා.සාටක දාගෙන එන්න පුලුවන්, ජාතික ඇඳුම ඇඳගෙන එන්න පුලුවන්, ඩයිවර් මහත්තයෙක් වගේ එන්න පුලුවන්. ටයිකෝට් දාගෙන එන්න පුලුවන් ඔය මොන වේශයෙන් ආවත්, අවුරුදු 74 ක් මේ රට විනාශ කරපු ඒජන්තයින්, මොන වේශයෙන්ද ආවේ නැත්තේ, විවිධ වේශයන්ගෙන් ආවා.කවර වේශයෙන් ආවත් දශක ගණනාවක් එකම මාවතක ගමන් කරමින් සිටින කණ්ඩායමක් ආවේ, එකම ආර්ථික ප්‍රථිපත්ති, එකම දේශපාලන සංස්කෘතිය, එකම ආකාරයේ හොරකම, එකම ආකාරයේ නාස්තිය, එකම ආකාරයේ රට විනාශ කිරීම. අපි වෙනස්කම් රැසක් කරනවා,දේශපාලනය හරහා ඉතා කුඩා පවුල් සංස්ථා කීපයක් අපේ රටේ සමස්ථ ජාතික ධනය එකතු කර ගෙන තියෙනවා, මේ රටේ පහළ පන්තියේ මිනිසුන්නටත් මේ රටේ දේශපාලන සුක්කානම හසුරුවන්න පුලුවන් වර්ගයේ නව දේශපාලනයක් මේ රට තුළ ස්ථාපිත කරනවා.අපේ රටේ මේ විනාශයට ප්‍රධානම හේතුව හොරකම, මේක සරල ප්‍රශ්නයක් නමෙයි, අපේ රටේ විශාල ජාතික ධනයක් මේ ඉතා කුඩා කණ්ඩායමක් පොදි බැඳගෙන තිබෙනවා, හැබැයි දේශපාලඥයෝ විතරක් නෙමෙයි.අපි මේ හැප්පෙන්නේ රනිල් එක්ක, සජිත් එක්ක, මහින්ද එක්ක ඒ පෙනුමට, ඒ ගොල්ල එක්ක එකතු වුණ විශාල ජාලයක් තියෙනවා.එක දේශපාලකයෝ, දෙක අපේ රටේ හොඳ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් නොවන අතලොස්සක් වන ජාවාරම්කරුවන්, ඒ ජාවාරම්කාරයෝ තමයි කොවිඩ් වසංගතය එනකොට ඇන්ටිජන්ට් කිට් වලින් ගහන්නේ, ඒ ජාවාරම්කාරයෝ තමයි සීනී ටික ගේන කොට බද්දෙන් ගහන්නේ, ඒ ජාවාරම්කාරයෝ තමයි ගල් අඟුරු ටික ගේන කොට , තෙල් ටික ගේන කොට ඒකෙන් ගහන්නේ.ඒ ජාවාරම්කරුවන්ට ඉතා හොඳීන් අත්උදව් දෙන නීතිය නමලා දෙන නිළධාරීන් ටිකක් ඉන්නවා.අපේ රටේ පරිපාලන සේවයේ නිළධාරීන් 2400 ක් ඉන්නවා, ඒකෙන් 100 ක් විතර උඩ නිළධාරීන් ඉන්නවා මේ වළල්ල හැදෙන්නේ එහෙම.මත නිර්මාණය කරලා ඉස්සරහට ගෙනියන්න පුලුවන් මාධ්‍ය ජාලයක් තියෙනවා, මාධ්‍ය අයිතිකාරයොත් ඉන්නවා මේකේ, මම දන්නවා මේ කෑල්ල ඔය මාධ්‍ය එකකවත් යන්නේ නැති බව, මේ ජාවාරම්කාර මාධ්‍ය අයිතිකරුවන් කීපදෙනෙක් ඉන්නවා.ඒ අය තමයි මේ මත පොම්ප කරන්නේ.මහින්ද රාජපක්ෂට පොත් ලියලා, ගීත ලියලා, චිත්‍රපටි හදලා, ඒවා පෙන්නලා, අන්තිමට ජැක්සන් ඇන්තනී කිව්වා මහින්ද රාජපක්ෂ බුදුන්ගේ ඥාතී කිව්වා.ගිරුවාපත්තුවට සුද්ධෝදන රජ්ජුරුවන්ගේ සම්බන්ධයක් තියෙනවා කිව්වා.කිසි ඉතිහාසඥයෙක් ප්‍රශ්න කලේ නෑ.පහුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂව මාධ්‍ය මගින් හැංගුවා, සමහර මාධ්‍ය ආයතන සාකච්ජා පැවැත්වූවේ, රෙකෝඩ් කරලා නාට්‍ය විදිහට. සාකච්ජා වලට ගෙන්නුවේ නෑ, ප්‍රශ්න ඇහුවේ නෑ.මාධ්‍ය මේ දේශපාලනයේ විශාල භූමිකාවක් කරනවා.ඡන්ද දවසේ ප්‍රචාරක වැඩ නතර කළාම, රෑ කැළණි ගඟෙන් නාගලෝකයේ සිට, සුභ පණිවිඩයක් අරගෙන නාගයෙක් ප්ලාස්ටික් බෝතලයකින් ගඟෙන් මතුවෙනවා, පෙන්නවා මාධ්‍යයෙන්, සුභ පණිවිඩයක් කිව්වා, සමහර අය ගියා නාගයා බලන්න, ඒ අය අතට පොහොට්ටුවක් දීලා කියනවා සුභ ලකුණ ඈ කියලා.මේ දේශපාලනය එහෙමයි පෙළ ගැහිලා තියෙන්නේ. කොවිඩ් වසංගතය වෙලාවේ පැණියක් ගෙනල්ලා කරපු විනාශය මතකද? පැණි මහත්තයා එක්ක සාකච්ජා තියෙනවා, පැණි විකුණලා ඩොලර් හොයනවා කිව්වා. මේවා මාධ්‍ය නාලිකා.මිනිස්සු මැරෙන කොට, මිනිස්සු භයේ ඉන්න කොට පැණිය ටොප් කියනවා, මාධ්‍ය මේ වැඩේ කරන්නේ. අර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය කාලේ එක නාලිකාවකින් ගිරවෙක් ගෙන ආවා, ශ්‍රී ලංකාවයි තව රටකුයි ගහනවා, රටවල් දෙකේ නම් ලියලා බෝඩ් දෙක්ක තියෙනවා, ගිරවා කූඩුවෙන් එළියට දැම්මා, දැන් ගිරවා හොට තියන රට තමයි දිනන්නේ කිව්වා, ගිරවා හොට තිබ්බා ශ්‍රී ලංකාවට, නාලිකාවේ කට්ටිය අත්පුඩි ගහනවා අද දිනන්නේ ශ්‍රී ලංකාව කියලා, අපිත් සතුටු වුණා ජයග්‍රහණ නැති රටේ ක්‍රිකට් වලින් හරි ජයග්‍රහණයක් එනවා නම් හොඳයි කියලා.වෙලාවට එදා පැරදුනා, දිනුවා නම් ඊළඟ සැරේ ජනාධිපති තෝරන්නේ ඔය ගිරවා.නම් ටික දායි, ගිරවා බස්සයි. එහෙමයි මේවා යන්නේ.මේ රටේ මේ වළල්ල ශක්තිමත්.සාමාන්‍ය ජනතාවගේ මොළ හෝඳනවා මේ ගොල්ල, ඇත්ත යට ගහනවා, බොරුව ඉස්මතු කරනවා.එහෙම මාධ්‍ය ජාවාරම්කරුවෝ ටිකක් ඉන්නවා.උසස් පොලිස් නිළධාරියෝ ජාලයකුත් ඉන්නවා.සමහර නීතී පසිඳලන තැන්වලත් මේ ජාලය තියෙනවා.පාතාලයත් ඉන්නවා.කුඩු ව්‍යාපාරිකයින් ඉන්නවා.මේ රට ගොඩගන්න නම් ඔන්න ඔය ජාලය පරාජය කරන්න ඕන.ඒ වෙනස ජාතික ජන බලවේගය ඇති කරනවා.මහජනයාගේ ධනය හොරකම් කරන දූෂිතයන්ට දඩුවම් දෙන්න ජාතික ජන බලවේගය සූදානම්, ඒ ධනයත් යළි පවරා ගන්න අපි සූදානම්, ඒ අය නීත්‍යාණූකූලව උපයා ගත්ත ධනයට අපි අත තියන්නේ නෑ, හෑබැයි අනීතිකව උපයා ගෙන තියන හැම සතයක්ම යළි පවරා ගන්න ආණ්ඩුවක් අපි හදන්නේ.
අගව්වට එහා පැත්තේ ලෝලුවාගොඩ අම්මා කෙනෙක් ණය බරින් මිරිකිලා, ණය ගෙවා ගන්න බැරිව දුවටයි, පුතාටයි වස දීලා අම්මත් වස කාලා.එක දරුවෙක් මිය ගිහින්, අම්මා වතුපිටිවල ඉස්පිරිතාලේ, ඒ ජීවිත වලට වගකියන්නේ කවුද? අද ඉස්පිරිතාලේ බෙහෙත් පෙත්ත නැතිව වෙව්ල වෙව්ල අපේ ගම්වල මීනිස්සු මැරෙනවා.අද ගම්වල අම්මලා -තාත්තලා උහුලගන්න බැරි ණය බරක පැටලිලා ඉන්නවා.රටක භාන්ඩාගාරයට ධනය එනවා, ඒවා රටේ ජනතාවට සාධාරණව ගලාගෙන එන්න ඕන, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, සහනාධාර හරහා ගලාගෙන එන්න ඕන, හැබැයි භාණ්ඩාගාරයට එන ධනය පහළට ගලාගෙන එන්නේ නෑ, භාණ්ඩාගාරය පතුලෙන් හිල් හදලා මහා ගංගා කපලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ ගෙවල් වලට, භාණ්ඩාගාරයට එන ධනය මහින්දගේ, රනිල්ගේ, බැසිල්ගේ ගෙදරට යනවා. පහුගිය දවස් වල වාර්තා වුණා, මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැබිනි අම්මලා තුන් දහස් ගණනකට හරියට ආහාර වේලක් නෑ කියලා, ගම්වල ගැබිණි අම්මට අහල පහල ගෙවල් වලින් පොලොස් ගෙඩියක් එක්ක කෑම වේලක් දෙනවා.හැබැයි අද මාධ්‍ය වල වාර්ථා වෙනවා ගැබිණි මව්වරුන්ට ආහාර වේල නෑ කියලා, ඒ බිහි කරන දරුවා නිරෝගී දරුවෙක් නෙමෙයි.ඒ දරුවා මොන හේතුවකටද වන්දි ගෙවන්නේ, මොනවා කළාටද? ඒ දරුවා වරදක් කලේ නෑ, අපේ පාලක කණ්ඩායම, ජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනන් එක්රැස්කරපු නිසා අද බඩේ ඉන්න දරුවාත් වේදනා විදින්න වෙලා තියෙනවා.අන්න ඒ නිසා යුක්ති සහගත සාධාරණ අයිතියක් තියෙනවා මේ වංචනිකයන්ට සහතික වශයෙන් දඩුවම් දීලා, දේපළ පවරාගන්නවා.

අද ගොවිජනතාවගේ ජීවිතයට මොනවාද සිද්ධ වෙලා තියෙන්නේ, පහුගිය ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ඉස්සරලාම කරපු දේ පොහොර සහනාධාරය කපපු එක, ගොවිබිම් පාලු වුණා, ගොවිජනතාව පාරට බැස්සා, තමන්ගේ ඇස් ඉදිරිපිටම කුඹුර කණාටු වෙනවා.ගොවියෝ කඳුලු පෙරපර කිව්වේ, කුඹුරට යන්න බෑ, පොහොර නෑ, ගොයම කහ වෙලා කියලා.පාලකයෝ කිව්වා නෑ කාබනික කියලා.ගොවිජනතාව ගැන හඩක් පාලකයන්ට තිබුනේ නෑ, ගොවිතැන අපේ රටේ ප්‍රධාන ජීවනාලිය බවට පත් කරන්න ඕන.ලෝකයේ හැම රටක්ම ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ තමන්ගේ ආහාර නිෂ්පාදනයට.ආයුධ තිබ්බට, තාක්ෂණය තිබ්බට වැඩක් නෑ, කන්න බොන්න නැත්නම් ඒ රට අසරණයි.අපේ පාලනයක් යටතේ කෘෂිකර්මාන්තය අපේ රටේ ප්‍රධානම අංගයක් බවට පත් කරනවා.අපේ රටේ කෘෂිපර්යේෂණ ආයතන දියුණු කරලා, බීජ නිෂ්පාදනය වර්ධනය කළ යුතුයි.

ජාතික ජන බලවේගයේ අපි මේ ලෑස්ති වෙලා තියෙන්නේ ආණ්ඩුවක් ගැනීම සඳහා නෙමෙයි, ආණ්ඩුවක් අරගෙන මේ රට හදන්න.ඒ සඳහා පළාත් පාලන මැතිවරණය එන්න නියමිතව තිබෙනවා, මැතිවරණ කොමිසම දින නොදී කල් දදා ඉන්නවා, මැතිවරණ කොමිසම අද රැස් වුණා, ඒ අය අද කියන්න ඕන නාමයෝජනා ගන්න දිනය කවදාද කියලා.මාර්තු 10 ට කලින් පළාත් පාලන මැතිවරණය තියන්න ඕන, රනිල් වික්‍රමසිංහලා දස අතේ කල්පනා කරනවා පළාත් පාලන මැතිවරණය නොතියා ඉන්න.මැතිවරණ කොමිසම නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නේ නැත්නම් ජාතික ජන බලවේගය සටන් කරලා හරි මේ ඡන්දය ලබා ගන්නවා.මේ පළාත් පාලන ආයතන වල කාළය අවසන් වුණේ 2022 මාර්තු 20, දැන් වැඩිපුරත් එක්ක අවුරුද්දක් ඉන්නේ, ඡන්දය තියන්න ඕන, රනිල් වික්‍රමසිංහලා, පොහොට්ටුව කල්ලියක් උඩින් රටක් අල්ලාගෙන, අර සෝමාලියාවේ මුහුදු මංකොල්ලකාරයෝ නැවක් අල්ලන් ඉන්නවා වගේ, රාජපක්ෂලා, වික්‍රමසිංහලා රටක් අල්ලගෙන ඉන්නවා.එහෙම රට අල්ලන්න බෑ හොරු කණ්ඩායමකට, ජනතාවගෙන් අහමු, ජනතාව කැමති නම් හා.ජනතාව අකමැති නම් යන්න, මේ සමීක්ෂණය මේ මතය අපි ගන්නවා.මේ පළාත් පාලන මැතිවරණය ලංකා දේශපාලනයේ විශාලම හැරවුම බවට පත් වෙන මැතිවරණයට බවට පත් කර ගන්නවා.අපි මේ මැතිවරණයට ඉතා දක්ෂ, ශක්තිමත් කණ්ඩායමක්, දැනුම හැකියාව තියන කණ්ඩායමක් අපි ඉදිරිපත් කරනවා.හොරකමට තිත තියන්න පටන් ගමු ගමෙන්, මේ රට පත් වෙලා තියෙන අර්බුධයට උත්තරයක් ගමේ ආණ්ඩුවෙන් අපි හදා ගමු.මේ පළාත් පාලන මැතිවරණයේ හොඳ ශක්තිමත් ප්‍රථිපලයක් ලබා ගත යුතුයි.අපි හැප්පෙන්නේ ධනය, බලය, මාධ්‍යය තියෙන කණ්ඩායමක් එක්ක, හැබැයි ඒ ඔක්කොටම වඩා ප්‍රබලයි අපේ රටේ ජනතාවගේ බලය.පළාත් පාලන මැතිවරණය දිනපුවහම පොහොට්ටුව, රනිල් හොයාගන්න නැතිව යනවා.

එදා ගෝඨාභය ගෙනල්ලා රට හදයි කියලා බලාපොරොත්තු වෙච්ච අය, අද දන්නවා පොහොට්ටුවට යළි එය කරන්න බැරි බව, ඒ නිසා ඒ අයත්, එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අය අද ජාතික ජන බලවේගයට එකතු වෙලා තියෙනවා.මම මේ ලඟඳී පොහොට්ටුවේ නායකයෙක්ගෙන් පාර්ලිමේන්තුවේදී ඇහුවා, පොහොට්ටුව නිකං බෙදිලා වගේ නේද කියලා. එයා මට කියනවා මොන බෙදිලාද? පොල් මල පොලවේ ගැහුවා වගේ කියලා.කෑලි කොච්චර තියෙනවාද? ලංසා කල්ලිය, වාසුලාගේ තව කල්ලියක්, මෛත්‍රීපාලගේ තව කල්ලියක්, අනුර යාපාගේ තව කල්ලියක්, රනිල් එක්ක තව කල්ලියක්. ඩලස් එක්ක තව කල්ලියක්, රනිල් ජනාධිපති නෙමෙයි, පාර්ලිමේන්තුවට එන්න බැරි වුණා.බැරි වෙලා හරි රනිල් ගිය පාර තලාව ප්‍රාදේශීය සභාවට ඉල්ලුවා නම් ඒත් පරාදයි.ඒ නිසා පළාත් පාලන මැතිවරණයේදී රනිල්ට රනිල්ගේ තරම පේනවා, පොහොට්ටුවට පොහොට්ටුවේ තරම පේනවා, ඊට පස්සේ ඒ ගොල්ලන්ට ආණ්ඩුව තියන් යන්න බෑ, පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිපලය නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිද්ධ වෙනවා.පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න අපි සැලසුම හැදුවොත් , දැන් රනිල් ජනාධිපති වෙලා ඉන්නේ පාර්ලිමේන්තුවේ 134 න්, පාර්ලිමේන්තුවේ බලය ආවොත් 134 වාෂ්ප වෙනවා.ඒ අයට එළියට වෙලා සෙල්ලම් ගෙයක් හදාගෙන රනිල් ජනාධිපතිකරගෙන ඉන්න කියන්න.පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිපලය ඇවිත් මාස 02 -03 ක් ඇතුළත මහ ආණ්ඩුව හදනවා.ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා, මේ වැටුණු රට ගොඩනගමු යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික ජන බලවේගයේ කමිටු සාමාජිකයින් හා ක්‍රියාකාරීන් ඇතුළු අති විශාල පිරිසක් සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

ඔයිල් පාම් වගාව ව්‍යාප්ත කිරීම ගැන පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ 2022 වාර්ෂීක මහසභා රැස්වීමේදී සාකච්ඡා

Next Post

ප්‍රඥා ප්‍රදීප පොහොය වැඩසටහන මෙවරත් මාතලේදී පැවැත්වේ

editor

editor

Next Post

ප්‍රඥා ප්‍රදීප පොහොය වැඩසටහන මෙවරත් මාතලේදී පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved