27 April 2024
#දේශීය

ප්‍රඥා ප්‍රදීප පොහොය වැඩසටහන මෙවරත් මාතලේදී පැවැත්වේ

රෝහණ දිසානායක පදනම හා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය එක්ව මාතලේ දිසාවේ විහාරස්ථාන කේන්ද්‍රකරගනිමින් සෑම පොහොය දිනකම පැවැත්වනෙ ‘‘ප්‍රඥා ප්‍රදීප“ පොහොය වැඩසටහන මෙවරත් පැවැත්වීමට නියමිතයි.

ඒ, මාතලේ පල්ලේපොල අලුත්ගම ශ්‍රී නීග්‍රෝධාරාම පුරාණ විහාරාධිපති, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ දකුණු මාතලේ උප ප්‍රධාන සංඝ නායක, විශ්‍රාමලත් විදුහල්පති, සාමවිනිසුරු, සිල්වත්ගම රතනසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 06 වන දුරුතු පොහෝදා පෙ.ව. 8.00 සිට පල්ලේපොල ශ්‍රී නීග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.

මෙදින දහම් පාසල් දරුවන් සදහා පාසල් උපකරණ බෙදාදීම, කාලීන ධර්ම දේශනා, කප්රුක් වැඩසටහන යටතේ පොල්පැළ බෙදාදීම, විහාරස්ථානයට ධර්ම පූජාවන් සිදුකිරීම ආදී පුණ්‍ය වැඩසටහන් රැසක් මෙදිනට ක්‍රියාත්මක වේ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *