• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඕනෑම ක්‍රමයකට මැතිවරණයට මුහුණ දීමට පොහොට්ටුව සූදානම් -ඇමති ප්‍රසන්න

21 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය යටතේ හෝ පවතින ක්‍රමය යටතේ හෝ ඕනෑම ක්‍රමයකට පවත්වනවානම් එයට මුහුණදීමට පොදුජන පෙරමුණ සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

මැතිවරණයට මුහුණදීම සදහා පොදුජන පෙරමුණ මූලික කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති අතර අපේක්ෂකයින් තෝරාගැනීම සදහා අයඳුම්පත්‍ර කැඳවීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13හිම පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවා මැතිවරණයට තරඟ කිරීමේ වැඩපිළිවෙළ සකස්කර අවසන් කර ඇති බවයි. රට ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන මොහොතක මැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 20ක් පමණ වැයවන බවත් ජනතාව එමඟින් තවත් පීඩාවට පත්වන බවත් ඔහු කීය.

එහෙත් මැතිවරණය කල්දමා මැතිවරණය කල් දැම්මාය යන චෝදනාවට ලක්වීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැතැයි අවධාරණය කළ ඇමතිවරයා ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ ද නියමිත පරිදි මැතිවරණ පැවැත්විය යුතුය යන්න බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා ” මැතිවරණය කල් දැමීමට පක්ෂයක් ලෙස අපේ කිසිම බළාපොරොත්තුවක් නැහැ. අපි මේ වනවිටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13 ම පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවාගෙන මැතිවරණයේ වැඩපිළිවෙළ සකස්කරලා නාමයෝජනා සඳහාත් සූදානමින් ඉන්නෙ. පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් වැඩි බව බහුතරයක් දෙනා කියනව. මේක සියයට පනහකින් අඩුකරල වියදම් අඩු කරන්න කියල හැමෝම කියනවා. මේ තත්ත්වය ඇති කළේ යහපාලන ආණ්ඩුවයි. දැන් ප්‍රාදේශීය සභාවල ඉඩත් මදි වැඩ කරන්න. ඒ නිසා පළාත් පාලන මන්ත්‍රීධූර මීට වඩා අඩු වෙනවනම් හොඳ බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මම බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර ඇමතිවරයා වශයෙන් කටයුතු කළා. මම ඒ අත්දැකීම් එක්කයි කතා කරන්නේ. පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවා නම් අපි ඒකටත් සූදානම්. වර්තමානයේ පවතින ක්‍රමයට පවත්වනවා නම් අපි ඒකටත් සූදානම්. රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවා ගන්නවත් බැරි තත්ත්වයක් තියෙන්නේ. නමුත් පසුගිය කාලයේ ජනතාව මුහුණ දුන්නු ඉන්ධන හා ගෑස් අර්බුදය මේ වනවිට කළමනාකරණය කරල තියෙනවා. දැන් තියෙන ලොකුම අර්බුදය තමයි බඩුමිල කළමනාකරණය කර ගැනීම. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාගෙන වැටිලා. මේ අර්බුද විසඳගන්න අවශ්‍ය පසුබිම මේ වනවිට හදාගෙන යනවා. ඒ නිසා මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය ජනතාව තීන්දු කළ යුතුයි. පක්ෂයක් විදියට අපි ඒකට සූදානම්. රට මුහුණ දෙන ආර්ථික අර්බුදය තුළ මැතිවරණයක් කරන්න ගියොත් රුපියල් බිලියන 20ක් පමණ වැයවන බව විපක්ෂය දන්නවා. විපක්ෂයේ ඉන්නෙ මෝඩයෝ නෙවෙයි. මේ වගේ මොහොතක මැතිවරණයකට ගියොත් ජනතාව තවත් පීඩාවට පත්වෙනවා. නමුත් මැතිවරණය කල් දැම්මොත් මැතිවරණ කල් දැම්මා කියල විපක්ෂයෙන් අපිට චෝදනා එල්ලවෙනවා. අපිට එහෙම චෝදනාවකට ලක්වෙන්න අවශ්‍ය නෑ. ඒ නිසා අපි මැතිවරණයට සූදානම්. මේ පවතින මැතිවරණ ක්‍රමය විකෘති සහගතයි. උදාහරණයක් විදියට කිව්වොත් මීගමුවේ අපිට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් නෑ. නමුත් ඉන්නෙ අපේ සභාපතිවරයෙක්. අපිට බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්න පළාත් පාලන ආයතනවල සභාපතිවරයා පත්කර ගන්න අපිට බැහැ. මේ පවතින ක්‍රමය තුළ සල්ලිකාරයන්ට, කුඩුකාරයන්ට සල්ලි වියදම් කරල මැතිවරණවලට එන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මිනිහෙක්ට මැතිවරණයකට එන්න බාධාවන් ගොඩක් තියෙනවා. ඒ නිසා අනවශ්‍ය වියදම් කපා හැරීම සදහා සියලුම මැතිවරණ ක්‍රමවල වෙනසක් සිදුවිය යුතු බව තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

Post Views: 1
Previous Post

මහ කන්නය සඳහා වී ගොවීන්ට රුපියල් 20,000ක දීමනාවක් – රජය

Next Post

ඕනෑම ක්‍රමයකට මැතිවරණයට මුහුණ දීමට පොහොට්ටුව සූදානම් -ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

ඕනෑම ක්‍රමයකට මැතිවරණයට මුහුණ දීමට පොහොට්ටුව සූදානම් -ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved