• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව එළවලු තෙල්වලින් ස්වයංපෝෂිත කරවීමට POIASL, හා සුළු පරිමාණ වගාකරුවන් දැනුවත් කිරීමට ඉන්දියානු සහාය!

23 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ මහතා හමුවූහ.

ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු අතර, එහිදී දෙපාර්ශ්වය විසින් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරන ලදි. ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් මෙහිදී මෙරට ඔයිල් පාම් කර්මාන්තයේ ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකළ අතර, ශ්රී ලංකාවේ ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක්ද ඉන්දියානු මහකොමසාරිස් වෙත ඉදිරිපත් කරන ලදි.

එමෙන්ම එම නියෝජිත පිරිස, මෙරට ඔයිල් පාම් කර්මාන්තයේ ප්‍රගතිය පෙන්නුම් කරන සංඛ්‍යාලේඛනමය සහ අනෙකුත් ප්‍රමාණාත්මක විශ්ලේෂණද ඉදිරිපත් කළහ.

මෙහිදී ඉන්දියානු මහකොමසාරිස් තුමන්, එරට ‘National Edible Oil Mission – Oil Palm’ (NEOM-OP) වැඩසටහන යටතේ, විශේෂයෙන්ම කුඩා පරිමාණ වැවිලිකරුවන් ඇතුළුව සමස්ත පාම් තෙල් කර්මාන්තය අත්කරගෙන ඇති සාර්ථකත්වය පෙන්වා දුන්නේ ය. මහකොමසාරිස්වරයා කියා සිටියේ, එළවලු තෙල් වලින් දේශය ස්වයංපෝෂිත කිරීම සඳහා, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ සංකල්පයක් අනුව එය ක්‍රියාවට නැංවූ බවයි.

“ශ්‍රී ලංකාවට එළවලු තෙල් වලින් ස්වයංපෝෂිත වීමට උපකාරී වීම සඳහා, NEOM-OP වැඩසටහන සම්බන්ධ අත්දැකීම් ශ්‍රී ලංකාවත් සමග හුවමාරු කරගැනීමට ඉන්දියාව සූදානම්. එමගින් එළවලු තෙල් ආනයනය කිරීම සඳහා වැයවන ඩොලර් මිලියන ගණනක් ඉතිරි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේවි.” ගෝපාල් බග්ලේ මහතා පැවසී ය.

මූලික සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් මහකොමසාරිස්වරයා කියා සිටියේ, කෘෂිකර්මාන්තය සඳහා ඉතාමත් සුදුසු දේශගුණයක් පැවතීම ශ්‍රී ලංකාව ලැබූ ආශීර්වාදයක් බවයි.

ආහාරයට ගත හැකි තෙල් වර්ග සම්බන්ධයෙන් පවතින දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටෙහිම ආයෝජනයන් සිදුකිරීමේ ඉඩකඩ සම්බන්ධයෙන්ද එතුමන් අදහස් දැක්වී ය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප සහෝදරත්වයේ බැඳීමක් පවතින බව පෙන්වා දුන් බග්ලේ මහතා, ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව සඳහා විශේෂඥ දැනුම හා උපදෙස් සමගින් පූර්ණ සහයෝගය ලබාදෙන බවද පවසා සිටියේ ය.

විෂ් ගෝවින්දසාමි මහතා ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ දූත පිරිසෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, ප්‍රාදේශීය වැවිලි සමාගම්, පාම් තෙල් සැකසුම් සමාගම් සහ වැවිලිකරුවන්ගේ සංගමය නියෝජනය කරන පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 

Post Views: 4
Previous Post

විදේශ ලේකම් ධුරයේ අරුණි විජේවර්ධන වැඩ භාර ගනියි

Next Post

අහිංසක අපේ ගෙවල් ගිනිබත් කළාට ඩොලර් වහින්නේ නෑ – මන්ත්‍රී විමලවීර

editor

editor

Next Post

අහිංසක අපේ ගෙවල් ගිනිබත් කළාට ඩොලර් වහින්නේ නෑ - මන්ත්‍රී විමලවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved