27 April 2024
#දේශීය

විදේශ ලේකම් ධුරයේ අරුණි විජේවර්ධන වැඩ භාර ගනියි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් පත් වූ අරුණි විජේවර්ධන මහත්මිය අද (23) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩභාරගත්තා ය.

විජේවර්ධන මහත්මිය වසර 34 ක් මුළුල්ලේ ශ්‍රී ලංකා විදේශ සේවයේ කටයුතු කළ සාමාජිකාවකි. එතුමිය සිය වෘත්තීය කාලය තුළ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ බොහෝ තනතුරු හොබවා ඇත. තවද, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යනාදී විදේශ රටවල පිහිටි දූත මණ්ඩලවලද එතුමිය සේවය කොට ඇත. එතුමිය ඔස්ට්‍රියාවේ තානාපතිනිය සහ වියානාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානවල නිත්‍ය නියෝජිතවරිය වශයෙන් ද සේවය කළා ය.

අමාත්‍යාංශයෙන් ලද පත්වීම අනුව අරුණි විජේවර්ධන මහත්මිය වියානාහි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයට (IAEA) අයත් ප්‍රතිපත්ති සම්පාදන ආයතනයේ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කළා ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *