දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ මැඩලීමේ විශේෂ මෙහෙයුම් මාලාවකදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 630 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
වත්මන් පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් පරිදි, දිවයිනේ සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදු කර ඇත. අපරාධකරුවන් කොටු කර ගැනීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි.
ඊයේ (02) දිනය පුරා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්, සොරකම් සහ වරෙන්තුකරුවන් ඇතුළු විවිධ ගණයේ අපරාධවලට සම්බන්ධ පිරිස් මෙලෙස පොලිස් භාරයට ගෙන තිබේ.














