කිලිනොච්චිය, ධර්මපුරම් පොලිස් වසමට අයත් විශ්වමඩු ප්‍රදේශයේදී ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ නීති විරෝධී වැලි ප්‍රවාහනයේ නිරත වූ බවට සැක කෙරෙන වාහනයක් ඉලක්ක කර ගනිමින් පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලිසිය සඳහන් කළේ අලුයම 12:45 ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
පොලිස් අණ නොතකා ධාවනය වූ මෙම වාහනය නැවැත්වීමට පොලිසිය උත්සාහ කර ඇති අතර, එහිදී එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් වාහනයේ රෝදයකට හානි සිදුවී ඇත. කෙසේ වෙතත්, වාහනය නතර වූ පසු එහි සිටි රියදුරු අඳුරේ ප්‍රයෝජනය ගනිමින් පලාගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළේය. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳ














