• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සීමාවාසික වෛද්‍ය පත්වීම්වලට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේද…?

තීන්දුව 08 වැනිදා

10 April 2026
in දේශීය, පුවත්
සීමාවාසික වෛද්‍ය පත්වීම්වලට එරෙහි පෙත්සම්  විභාගයට ගැනීමට අවසර දෙන්නේද…?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේදී රජය අනුගමනය කළ ක්‍රියාවලියට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න සහ අදාළ ස්ථානගත කිරීමේ ලැයිස්තුව ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නේද යන්න පිළිබඳ තීන්දුව ලබන මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (අප්‍රේල් 10) තීරණය කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.
මෙහිදී වගඋත්තරකාර සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මූලික විරෝධතා මතු කරමින් කියා සිටියේ, රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමත කර ඇති මෙම පත්වීම් පිළිබඳ සලකා බැලීමට අභියාචනාධිකරණයට නීතිමය බලයක් නොමැති බවයි. එසේම මේවා ස්ථාන මාරු කිරීම් ලෙස සැලකිය නොහැකි බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිතිවලට මෙයට මැදිහත් වීමට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. දැනටමත් පත්වීම් ලැබූවන්ගෙන් 75%ක් සේවයට වාර්තා කර ඇති බැවින් පෙත්සම් පවත්වාගෙන යා නොහැකි බව ඔහුගේ ස්ථාවරය විය.
කෙසේ වෙතත්, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා තර්ක කළේ, සීමාවාසික පුහුණුව අවසන් කළ පසු එම පිරිස වෛද්‍යවරුන් වන බැවින් මෙය පත්වීමක් නොව ස්ථාන මාරුවීමක් ලෙස සැලකිය යුතු බවයි. ආයතන සංග්‍රහයට අනුව දුෂ්කර සේවා ස්ථාන නිගමනය කිරීමේ බලය මාරු මණ්ඩල සතු බවත්, අමාත්‍යවරයා එම බලය අත්තනෝමතික ලෙස පවරා ගැනීම නීති විරෝධී බවත් ඔහු සඳහන් කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ද අවධාරණය කළේ මාරු මණ්ඩලයේ එකඟතාවයකින් තොරව සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන ඇති මෙම තීරණය නීතියට පටහැනි බවයි. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ අධිකරණය, ලිඛිත දේශන මේ මස 24 වනදාට පෙර ගොනු කරන ලෙස නියම කළේය.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාවේ විදුලි පිරිවැය ඉහළ යාමට ගල්අඟුරු ප්‍රමිතිය බලපා ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි

Next Post

විදුලිය කැපිය යුත්තේ ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලයි

Editor TTV News

Editor TTV News

Next Post
විදුලිය කැපිය යුත්තේ  ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලයි

විදුලිය කැපිය යුත්තේ ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හයිටි රාජ්‍යයේ ඓතිහාසික ලෆෙරියර් බලකොටුවේදී සිදු වූ තෙරපීමකින් 30ක් මියයයි

හයිටි රාජ්‍යයේ ඓතිහාසික ලෆෙරියර් බලකොටුවේදී සිදු වූ තෙරපීමකින් 30ක් මියයයි

12 April 2026
නිව්යෝර්ක් දුම්රිය පොළක මාරක පිහි ඇනුමක්

නිව්යෝර්ක් දුම්රිය පොළක මාරක පිහි ඇනුමක්

12 April 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් UFC සටන් නැරඹීමට එක්වෙයි

ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් UFC සටන් නැරඹීමට එක්වෙයි

12 April 2026
මොරවැවදී යතුරුපැදියක් ත්‍රීරෝද රථයක ගැටී පුද්ගලයෙකු මියයයි

මොරවැවදී යතුරුපැදියක් ත්‍රීරෝද රථයක ගැටී පුද්ගලයෙකු මියයයි

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හයිටි රාජ්‍යයේ ඓතිහාසික ලෆෙරියර් බලකොටුවේදී සිදු වූ තෙරපීමකින් 30ක් මියයයි

හයිටි රාජ්‍යයේ ඓතිහාසික ලෆෙරියර් බලකොටුවේදී සිදු වූ තෙරපීමකින් 30ක් මියයයි

12 April 2026
නිව්යෝර්ක් දුම්රිය පොළක මාරක පිහි ඇනුමක්

නිව්යෝර්ක් දුම්රිය පොළක මාරක පිහි ඇනුමක්

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved