• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුදන වෙස් ගත්ත පඹයන් ගැන බලාගන්න – ප්‍රසන්න රණතුංග පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි

25 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අස්වැන්න ආරක්ෂා කිරීමට කුඹුරේ පඹයන් සිටවන්නාක් මෙන් ඡන්ද ආරක්ෂා කිරීමට ද පඹයන් අවශ්‍ය විය හැකී බවත් නව සන්ධානයේ සභාපතිවරයා පත්කිරීමද එවැනි අරමුණකින් සිදූවූවක් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන  ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අද සුදනන් ලෙස පෙනී සිටින ඇතැමුන් පොහොට්ටුවෙන් ජයග්‍රහණය කර පාවා දීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව අවධාරණයෙන් කටයුතු කරන්නැ‘යි තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටි.

දොම්පේ කෑරගල පරකඩමුල්ල ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩ සටහනකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ අදහස් පල කලේය.

මෙහිදී මාධ්‍යවේදීන් මතුකල ප්‍රශ්ණ හා ඒවාට ඇමතිවරයා ලබාදුන් පිලිතුරු මෙසේයි.

ප්‍රශ්ණය :- ආණ්ඩුවේ පරිපූරක ඇස්තමේන්තුව පරාජය කිරීමට විපක්ෂය උත්සාහ කිරීම ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර :- ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තුව ගේන්න හැදුවේ 2019 මුදල් වර්ෂයට අදාල ගෙවීම් කරන්නයි. ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩන්  වැටිලා. පොහොර සහනාධාර දෙන්න විදිහක් නෑ.මොකද ගත්ත පොහොර වලට හිටපු ආණ්ඩුව සල්ලි ගෙවලා නෑ.වීශ්‍රාම වැටුප් දෙන්න විදිහක් නෑ. පලාත් පාලන ආයතන වලට කෙරුණු වැඩ වලට සල්ලි ගෙවන්න විදිහක් නෑ.පරිපූරකයට විරුද්ධවීම හරහා සජිත් ප්‍රේමදාස පක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම සිය කුහක කම ප්‍රදර්ශණය කලා.

අපේ ආණ්ඩුව උපාධිධාරීන් 54 000 කට රැකියා දෙන්න කටයුතු කරගෙන යනවා.තවත් ලක්ෂයකට රැකියා දෙන්න කටයුතු යොදලා තියනවා.මේවාට විපක්ෂය බය වුනා.අපිට තියෙන්නේ සුලුතර ආණ්ඩුවක්.2015 දී මතුවුනෙත් මේ වගේම තත්වයක්.හැබැයි එදා අපි ආණ්ඩුවට විරුද්ධ වුනේ නෑ.සජීත්ලා ජනතාවාදී සලුපිලි ඇදගෙන ආවට කරන්නේ ජනතාවිරෝධී වැඩ. වෙස්මුහුණු දාගෙන හිටියට විපක්ෂයට නටන්න වුනේ එලියෙ.ඒකෙන් විපක්ෂයේ කුහකකම රටම දැකගත්තා.

ප්‍රශ්ණය :-දැන් මොකද වෙන්නේ.ආණ්ඩුව ගෙනියන්න පුළුවන්ද?

පිළිතුර :- බල්ලො බිරුවට කදුපාත්වෙන්නේ නෑනේ.සජිත් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට අපේ ගමන නතර කරන්න බෑ.වියදම් අඩුකරලා ක්‍රමවේද හොයාගෙන අපි ජනතාව වෙනුවෙන් කලයුතු දේ කරනවා.

ප්‍රශ්ණය :- ජිනීවා ප්‍රශ්ණය නැවත ඇවිත් තියෙනවා. ඔබතුමාලා සම යෝජනා වලින් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා ඒ ගැන.

පිළිතුර :- ජිනීවා යෝජනාවලිය හරහා රට පාවා දීමක් සිදුවුනේ. ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න කැබිනට් මණ්ඩල හෝ පාර්ලිමේන්තු අනුමැතිය ගත්තේ නෑ පැවති ආණ්ඩුව. නමුත් අපි මේ යෝජනාවලියෙන් ඉවත් වුනේ කැබ්නට් මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි. අපි අදත් හෙටත් අනිද්දාත් රට පාවාදෙන මේ යෝජනාවට විරුද්ධයි. ඒක කවුරු ගෙනාවත්..

ප්‍රශ්ණය :- සුමන්දිරන් මන්ත්‍රීවරයා කියනවා එහෙම අයින් වෙන්න බෑ කියලා. එජාපය කියනවා බලවත් රටවල් එක්ක හැප්පිලා ආණ්ඩුව රට අනතුරේ දානවා කියලා.

පිළිතුර :- අවුරුදු හතරහමාරම බටහිර රටවල් වලට ගැතිව කටයුතු කරපු, ඒ අය කියන කියන විදිහට නටපු ආණ්ඩුවට බැරි වුනාට අපිට පුලුවන්. අපිට කොන්දක් තියෙනවා ඒ අයට නැති වුනාට. මහින්ද ගෝඨා සුසංයෝගයට මේක කරන්න පුලුවන්. යුද්ධෙදිත් ඒක කලා.

ප්‍රශ්ණය :- හැබැයි U.N.P එක නම් කියන්නේ මේක ජන්ද ගුංඩුවක් කියලයි.

පිළිතුර :- මේ අය හැමදාම කිව්වේ එහෙමනේ. 2015 දීත් ඔයවගේම කියලා ජනතාව රැවැට්ටුවා. මිනිස්සු ඒවා පිලිගන්න ලැස්ති නෑ.

ප්‍රශ්ණය :-  ඔබතුමාලා හදපු සන්ධානයේ සභාපතිවරයා විදියට මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා පත්කලාට විරෝධයක් තියෙනවද?

පිළිතුර :-  ඔව් මම විරුද්ධයි. පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා ගැන රටේ ජනතාවගේ ලොකු විරෝධයක් තියෙනවා. මම පහුගිය කාලෙම සටන් කලේ අපි පොහොට්ටු‍වෙන් ඉල්ලන්න ඕන. මොන සන්ධාන හැදුවත් සම නායකයෝ ඉන්න බෑ. අසම සම නායකයා මහින්ද විතරයි කියලයි. ඒ දෙකම හරි ගියා. අද රටේ මතයක් හැදීලා තියෙනවා මෛත්‍රීට සන්ධානයේ සභාපතිකම දුන්නට මේ සභාපතිකම නිකං පියන් කමක් වගේ. මේ සන්ධානයේ නායකයා මහින්ද මහත්තයා. අස්වනු රැක ගන්න කුඹුරක පඹයෙක් හිටවන්න ඕන. අපේ ජන්ද ප්‍රමාණය රැකගන්නනම් සමහර විට පඹයෙක්ව හිටවන්නත් වෙයි මේ උනෙත් ඒක වෙන්න පුලුවන්. කොහොම වුනත් අපිට ශ්‍රීලනිපය එක්ක ප්‍රශ්ණයක් නෑ. අපිට සන්ධාන ගහන්න පුලුවන්. හැබැයි 2015 රටම පාවා දුන්න නායකයෙක් අද සුදන වගේ මේකට එන්න හදන කොට ඒකට විරෝධයක් තියෙනවා. මේකෙදි අපට සාධාරන සැකයක් තියෙනවා සන්ධානයට ඇවිල්ලා ආණ්ඩුව පිහිටෙව්වාම කඩාගෙන යයිද කියලා. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව කටයුතු කල යුතුයි.

ප්‍රශ්ණය :- රොශාන් රණසිංහ මන්ත්‍රීතුමා කියනවා  එතුමා වෙනම තරගකරනවා කියලා.ඔබතුමන් ගම්පහින් එහෙම තරග කරනවාද?

පිළිතුර :- මට නම් ප්‍රශ්ණයක් නෑ.ගම්පහ එකට ඉල්ලුවත් වෙනම ඉල්ලුවත් අපි දිනනවා.පරදින්නත් කවුරුහරි දාන්න එපායැ. පක්ෂයක් හැටියට තීන්දුවක් ගත්තම අපි නායකත්වයට ගරු කරනවා.හැබැයි ජනතාවගේ මතයටත් අපි කන්දෙනවා.

ප්‍රශ්ණය :- පොහොට්ටුවේ බෙදීමක් තියනවාද?

පිළිතුර :-අපෝ නෑ පොහොට්ටුවේ අපි බෙදිලා නෑ.පුද්ගලයන් පිළිබද ප්‍රශ්ණ තියනවා.ශ්‍රී ලංකා එක එක්ක එකතු වීම ගැටළුවක් නෙමේ.ඒත් මෛත්‍රීව එකතුකර ගැනීම ගැටළුවක්.ඒකයි අපි මේ කියන්නේ රනිල් එක්ක ගිවිසුම් ගහලා ආර්ථිකය කඩා වට්ටලා ජාතික ආරක්ෂාව විනාශ කරපු අපි බැනපු මනුස්සයෙක් ආපහු  දැන් යන එන මං නැතිව අපි එක්ක එකතු වෙනවා.එච්චරයි වෙලා තියන්නේ.

ප්‍රශ්ණය :-එතුමා එක්ක ඔබතුමා ලගට එන අය පරද්දන්න කටයුතු කරනවාද?

පිළිතුර :-මට බෑනේ පරද්දන්න.ඒක තීරණය කරන්න ඕන ඡන්ද දායකයෝ.ජනතා පරමාධිපත්‍ය  ඒ තරම් බලවත්.ජනතාව ඒ තීන්දුව ගනී.

Post Views: 1
Previous Post

පිළිමතලාවේ සිට වත්තේගමට නව කාර්යාල දුම්රියක්

Next Post

ඇමැති 3ක් අලුත් යෝජනා රැගෙන ජිනීවා යති

editor

editor

Next Post

ඇමැති 3ක් අලුත් යෝජනා රැගෙන ජිනීවා යති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved