27 April 2024
#සංවර්ධන

පිළිමතලාවේ සිට වත්තේගමට නව කාර්යාල දුම්රියක්

පිළිමතලාව – මහනුවර – වත්තේගම නගරාශ්‍රිතව කාර්යාල වේලාවන්හීදි පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙසත් නව කාර්යාලය දුම්රියක් යෙදවීම සදහා කටයුතු සූදානම් කර තිබේ.

එහි සමාරම්භක අවස්ථාව ඊයේ (24) පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු.ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම සහ මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ යන මැති ඇමතිවරුද සහ පළාත් ප්‍රධාන ලේකම් කුමුදුණී කරුණාරත්න, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ලේකම් ගාමිණී රාජරත්න ඇතුළු පළාතේ නිලධාරීන් රැසක් ද එක් ව සිටියේය.

ආණ්ඩුකාරවරයා ඇතුලු පිරිස පිළිමතලාව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා දුම්රියෙන් පැමිණි අතර, ඉදිරියේදී ජනතාවට වඩාත් පහසුවක් වන පරිදි, නගරාශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙසත් මෙම දුම්රිය යෙදවීම සදහා කටයුතු සම්පාදනය කර අවසන් බව ආණ්ඩුකාරවයා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. 

 

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *