• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට මුහුදු තීරය වටා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන්න – ඇමැති ප්‍රසන්න

10 July 2023
in දේශීය

මෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (10) පැවැති සාකච්ඡාවකදීය.

එවැනි ස්ථාන දියුණු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික අංශයද සම්බන්ධ කරගනිමින් සුදුසු ආයෝජකයන් සොයාගන්නා ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. එම ආයතනය විසින් දැනටමත් මෙරට වෙරළ තීරය ආශ්‍රිතව නව සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගෙන තිබේ.

ග⁣⁣ඟේ වාඩිය, පුත්තලම කලපුව දූපත්, කුඩව, වයික්කාල, මීගමුව කලපුව, කපුන්ගොඩ, ප්‍රීතිපුර, කොක්ගල කලපුව, සීතගල්ල, රැකව කලපුව, ලුනම කලපුව, මලාල ලේවාය, කිරින්ද, කුනුකලේ බීච්, එලිෆන්ට් රොක්, සලතිව් දූපත, තඹලගමුව බේ, ගවනර් ඔෆිස්, උප්පුවේලි, සම්පල්තිව් බීච්, අර්යමල්ල බීච්, නයාරු බීච්, නන්දිකඩාල් බීච්, සන්තකුලම් බීච් මෙලෙස අලුන් හඳුනාගෙන ඇති සංචාරක ස්ථානයන් වේ.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙරට වෙරළ තීරය ආශ්‍රයෙන් තවත් එවැනි ස්ථාන හඳුනාගැනීමට කටයුතු කරන ලෙසයි.

මෙරට වෙරළ පරිසරය ආරක්ෂා කර ගනිමින් රට වටා පිහිටි වෙරළ තීරය විධිමත්ව සංවර්ධන කිරීමෙන් අප රට මුහුණදී සිටින ආර්ථික අර්බුද වලට විසඳුම් සොයාගත හැකි බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එබැවින් මෙරට මුහුදු වෙරළ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම වෙරළ ආශ්‍රිතව වෙනත් සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද අමාත්‍යවරයා එහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ආර්ථික සම්පත් බහුල මෙරට වෙරළ තීරය කිලෝමීටර 1620ක් දිගකින් යුතුවේ. එබැවින් මෙරට වෙරළ තීරය සංරක්ෂණය කරමින් වෙරළබඩ සම්පත් මත පදනම් වූ ආරක්ෂිත හා තිරසාර සංවර්ධනයක් කෙරෙහි කඩිනමින් අවධානය යොමුකළ යුතු බවද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන්ට වාර්තා අනවශ්‍ය බවත් තමන්ට අවශ්‍ය වැඩ පමණක් බවත් අවධාරණය කළ අමාත්‍යවරයා හැමදාම සාකච්ඡා පවත්වමින් වාර්තා ඉදිරිපත් කරනවා වෙනුවට එක වැඩක් හෝ කර පෙන්විය යුතුයැයිද අවධාරණය කළේය.

Post Views: 4
Previous Post

සජිත් අගමැතිකම එපා කිව්ව එකට ස්තුතියි – ඇමැති මනුෂ

Next Post

හෙද සේවාව වෙනුවෙන් හෙද හෙදියන් 3315 ක් පුහුණුවට

editor

editor

Next Post

හෙද සේවාව වෙනුවෙන් හෙද හෙදියන් 3315 ක් පුහුණුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved