27 April 2024
#දේශීය

හෙද සේවාව වෙනුවෙන් හෙද හෙදියන් 3315 ක් පුහුණුවට

මෙරට හෙද සේවාව සඳහා තවත් සිසු හෙද හෙදියන් 3315 දෙනෙකු බදවා ගැනීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම පිරිස වෙනුවෙන් බඳවා ගැනීමේ ලිපි නිල වශයෙන් ප්‍රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් එම අමාත්‍යංශයේදී අද (10) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පත්වීම්ලාභීන් පිරිසකට ලිපි ප්‍රදානය සංකේතාත්මකව අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරෙන අතර එයට අමතරව අනෙකුත් සිසු සිසුවියන් සඳහා එදිනම පත්වීම් ලිපි ලබා දීමට පියවර ගෙන තිබේ.

දිවයින පුරා හෙද විදුහල් 15 කදී මෙම සිසු හෙද හෙදියන් සදහා පුහුණුව ලබා දීම සිදු කෙරේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *