• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන්න – ඇමති ප්‍රසන්න

15 August 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී අද (15) පැවැති සාකච්ඡාවකට සහභාගීවෙනිමි

දෙසැම්බර් මස 31 වැනි දිනට පළමුව අදාළ සංවර්ධන සැලසුම් ව්‍යාපෘති වාර්තාව තමන්ට ලැබෙන්නට සළස්වන ලෙසද අමාත්‍යවරයා එහිදි අවධාරණය කළේය. ඒ අනුව ලබන වසර මුලදී පෑලියගොඩ නගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.

කොළඹ නගරයට ආසන්නතම නගරයක් වන පෑලියගොඩ නගරය කොළඹ නගරයට සමගාමීව ශීඝ්‍ර සංවර්ධනයක් ළගා කරගෙන තිබේ. එය කැළණි ගං මිටියාවතේ පිහිටා ඇති නිසා නිරන්තරයෙන්ම ගංවතුර තර්ජනයටද මුහුණදෙති.

එමෙන්ම පෑලියගොඩ නගරයේ පවතින අධික ජන ඝනත්වය හේතුවෙන්ද නිවාස ගැටළුව මෙන්ම සමාජ හා සෞඛ්‍ය ප්‍රශ්න රාශියක් පැන නැගී ඇත. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ පෑලියගොඩ නගරය ප්‍රසන්න පුරවරයක් කිරීමටනම් ජනතාව මුහුණදෙන පීඩාකාරී ගංවතුර තර්ජනය විසඳිය යුතු අතරම ජනතාවගේ නිවාස ගැටළුවද කඩිනමින් විසඳිය යුතු බවයි.

ඒ අනුව පෑලියගොඩ නගරයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල මහල් නිවාස සංකීර්ණ ඉදිකළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

ඊට අමතරව පෑලියගොඩ නගරය හරහා ගමන් කරන ජනතා‍වගේ පහසුව වෙනුවෙන් පෑලියගොඩ මැනිං වෙළඳපොළ ආශ්‍රිතව අවන්හල් කිහිපයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට හා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් දෙකක් පෑලියගොඩ නගර සභාව විසින් හඳුනාගෙන තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේ එම ආයතන සමඟ සාකච්ඡා කොට ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එමෙන්ම පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය ආසන්නයේ පිහිටා ඇති අනවසර වෙළඳසැල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සුදුසු භූමියක් ඒ ආසන්නයෙන්ම වෙන්කර දෙන ලෙසද අමාත්‍යවරයා පැවසීය.

ඓතිහාසික කැලණිය රජමහා විහාරයට අයත් පූජාභූමිය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා සුදුසු ව්‍යාපෘති වාර්තාවක් කඩිනමින් සකස්කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

එම ව්‍යාපෘති සැකසීමේදී කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගැනීම අනිවාර්ය බවද සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය, පෑලියගොඩ නගර සභාවේ ලේකම් තරංගා ගම්ලත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 10
Previous Post

2025 වනවිට ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවා – ඇමැති බන්දුල

Next Post

රජයේ සහ පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පලමු අදියර 17 වනදායි අවසන් වේ

editor

editor

Next Post

රජයේ සහ පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පලමු අදියර 17 වනදායි අවසන් වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

27 August 2025
කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

27 August 2025
රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට  ලක් කරලා

රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කරලා

27 August 2025
ආනයනික අල ළුෑණු ඉහළ යයි

ආනයනික අල ළුෑණු ඉහළ යයි

27 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

27 August 2025
කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

27 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved