• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවක වදයට බැට දෙන්න ජනපති සුදානම්

7 September 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නවක වදය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස කි‍්‍රයාත්මක කරමින්, නවක වදයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමේ නීති ඉදිරියේ දී ක‍්‍රියාවට නංවන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගතය විනාශ කරන එම වැඩපිළිවෙළට ඉඩ තැබිය නොහැකි අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ද ඉදිරියේදී රජය විශේෂ වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ඉදිකිරීමට යෝජිත පොළොන්නරුව ජාතික වෘත්තීය පුහුණු ආයතනය සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාවට අද (07) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල වරම් ලැබුව ද නවක වදය හේතුවෙන් පසුගිය කාලය තුළ විශ්වවිද්‍යාලවලට ඇතුළත් නොවු සිසුන්ගේ සංඛ්‍යාව 1500 කට වැඩි බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන බවයි. එමෙන්ම පසුගිය වසර 25 තුළ නවක වදය හේතුවෙන් මිය ගිය සිසුන් සංඛ්‍යාව 25 කට ආසන්න බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන් මානසිකව මෙන්ම ශාරීරිකව ද පීඩාවට පත්වූ පිරිස දහස් ගණනක් බව කියා සිටියේය. සුළු පිරිසකගේ මෙවන් ම්ලේච්ඡ කි‍්‍රයාකාරකම් හේතුවෙන් බහුතරයක් දරුවන්ගේ අනාගතය විනාශවීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අද ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් බිලිගෙන තිබෙන අතර, රට භාරගැනීමට සිටින දරු පරපුර අතර ම්ලේච්ඡත්වය පැතිරවීමට දරන එම උත්සහයන් පරාජය කළයුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ලෝකයත් සමග ඉදිරියට යන රටක් ලෙස මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදුවිය යුතු ප‍්‍රතිසංස්කරණ සඳහා ඇතැම් අවස්ථාවල දී අධ්‍යාපන විශේෂඥයින් තවමත් සුදානම් නොමැති තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවයි. ජනපි‍්‍රය යැයි සැලකෙන ඇතැම් පාසල් සඳහා වාර්ෂිකව අධික සිසුන් පිරිසක් ඇතුළත් කර ගැනිම පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහීමට එක් හේතුවක් වී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා මෙවන් අභියෝගකාරී තත්ත්වයන් පිළිබඳ වගකිවයුතු පිරිස්වල අවධානය නිසි කලට යොමුවීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

වෘත්තීය අධ්‍යාපනයේ තිබෙන සාම්ප‍්‍රදායික තත්ත්වයන් වෙනස් කරමින් අලුත් ලෝකය සහ නවීන තාක්ෂණය සමග එය යාවත්කාලීන වීමේ වැදගත්කම ද පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික නිෂ්පාදන කි‍්‍රයාවලියට, තාක්ෂණික හා කර්මාන්ත ක්ෂේත‍්‍රවලට අවශ්‍ය වෘත්තීය කුසලතා සපිරි දක්ෂ තරුණ තරුණියන් පිරිසක් මෙන්ම විදෙස් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත් පුහුණු ශ‍්‍රම බළකායක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

නවීන තාක්ෂණික පහසුකම් සහිත පොළොන්නරුව නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය පාරේ, දොර දෙක ප‍්‍රදේශයේ පිහිටි අක්කර 17 ක භූමි භාගයක ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6500 කි. නෙදර්ලන්ත රජය ඊට ණය පහසුකම් සපයයි. නවීන තාක්ෂණික පහසුකම් සහිත මෙම පුහුණු ආයතනය මඟින් ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 4 හා 5 වන මට්ටමේ තාක්ෂණික ශිල්පීන් හා ඩිප්ලෝමාධාරින් 1325 ක් සඳහා වාර්ෂිකව පූර්ණ කාලීන පාඨාමාලා පුහුණුව ලබාදීමටත් ඊට අමතරව රැකියාවේ නියුතු වෘත්තිකයන් සඳහා තාක්ෂණික දැනුම යාවත්කාලීන කිරීමේ අර්ධකාලීන පාඨාමාලා පැවැත්වීමටත් යෝජිතයි. එමෙන්ම ඉදිකිරීම්, මෝටර් තාක්ෂණය, විද්‍යුත් යාන්ති‍්‍රක, ආගන්තුක සත්කාර හා සංචාරක, කෘෂිකර්මික යන ක්ෂේත‍්‍ර යටතේ පුහුණු පාසල් 05 ක් ආරම්භ කර ඒවායේ නවීන තාක්ෂණික පහසුකම් සහිත පූර්ණකාලීන වෘත්තීය පාඨාමාලා 34 ක් පවත්වාගෙන යාමට ද නියමිතය. අදාළ ඉදිකිරීම් වසර 03 කින් නිමකර 2022 ජනවාරි මස සිට පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කළ ජනාධිපතිතුමා එම පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. නිපුණතා සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය එළිදැක්වුනේ ද ජනාධිපතිවරයා අතිනි.

අමාත්‍ය සරත් අමුණුගම, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති රවී ජයවර්ධන, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ද නෙදර්ලන්ත තානාපතිනි Joanne Dloornewaard මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙණු කිරීමේදී ශ්‍රී ලංකා ඉදිරියට – ඇමැති රිෂාඩ්

Next Post

20 නිසා ජනපතිවරයාට අහිමි වන දේවල් ගැන විජිත කියයි

editor

editor

Next Post

20 නිසා ජනපතිවරයාට අහිමි වන දේවල් ගැන විජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved