දිවයිනේ මහජන සාමය ආරක්ෂා කිරීම සහ ජනජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවා 15ක් නම් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැදපෙරදිග යුද අර්බුදය හමුවේ බලශක්ති සහ සැපයුම් දාමයන්ට එල්ල විය හැකි බලපෑම් මෙන්ම දේශීය ආරක්ෂක අවශ්‍යතා සලකා බලමින් හදිසි නීති රෙගුලාසි යටතේ මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව විදුලි බලය, ඉන්ධන සැපයීම හා බෙදා හැරීම, සෞඛ්‍ය සේවා, වරාය සහ ගුවන් තොටුපොළ කටයුතු ඇතුළු ක්ෂේත්‍ර රැසක් මෙම අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය මඟින් අදාළ සේවාවන්හි නියුතු සේවකයන්ට රාජකාරියට වාර්තා කිරීම අනිවාර්ය වන අතර, එම සේවාවන්ට බාධා පමුණුවන ඕනෑම ක්‍රියාවක් වරදක් ලෙස සලකා නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අංශවලට බලය හිමි වනු ඇති.














