27 April 2024
#දේශීය

රණවිරුන්ට මෙන්ම රටවිරුවන්ට ද නිසි ගෞරවය ජනපති දෙනවා – ලාන්සා කියයි

රණවිරුවන්ට මෙන්ම රටවිරුවන්ට නිසි ගෞරවය හා ආරක්ෂාව ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

විදෙස්ගතව සිටින පිරිස් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු සෞඛ්‍ය උපදෙස් මත ක්‍රමාණුකූලව නිසි යාන්ත්‍රණයක් මත සිදු කෙරෙන ක්‍රියාවක් බවත්, ඒ සදහා අවශ්‍ය සෘජු මැදිහත්වීම හා උපදෙස් ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ලබා දෙන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ සියළු රටවල් දැඩි පීඩණයකට පත්ව ඇති අවස්ථාවක විදෙස්ගතව සිටින පිරිස් යළි මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇත.

දැනටමත් අදියර කිහිපයක් යටතේ විදෙස් ගතවූ පිරිස් මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති අතර එම පිරිස් නිරෝධායනය කොට රෝගී පිරිස් ප්‍රතිකාර සදහාත් නිරෝගී පිරිස් නිසි ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ ඔවුන්ගේ නිවෙස් කරා යොමු කරවීමටත් කටයුතු කර තිබෙන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් විපක්ෂය අනවශ්‍ය කලබලයට පත්විය යුතු නොමැති බවත් ඔවුනට අවශ්‍ය වී ඇත්තේ කොවිඩ් 19 වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කරනවා වෙනුවට මෙම සියළු ක්‍රියාදාමයන් කඩාකප්පල් කර දමා රටත් ජනතාවත් අනාරක්ෂිත කොට සිය දේශපාලනික අවශ්‍යතා ඉටු කර ගැනීම බව හෙතෙම කියා සිටියේය.

රටවිරුවන් නොසලකා හැරි ඇති බවට වැරදි මතයක් විපක්ෂය විසින් සමාජගත කර දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් වැඩපිළිවෙලක ද නිරත වෙමින් සිටින බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *