27 April 2024
#දේශීය

දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතුයි – ජනාධිපති

දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් බවත් මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා පැවසිය.

වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතු බැවින් යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බව ද ජනාධිපතිවරයා තව දුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

ළමා හා කාන්තා සංවර්ධනය සඳහා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂ අවධානය යොමු කර තිබේ. එය යථාර්ථයක් බවට පත් කරගැනීමට වෙන ම රාජ්‍ය අමාත්‍යාංශයක් ද ස්ථාපිත කෙරිණ.

ළමා හා කාන්තා හිංසනයන් වැළැක්වීමට රාජ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ ඇගයීමට ලක්කළ ජනාධිපතිතුමා වෙනත් රටවල ළමා සංවර්ධනය සඳහා කර ඇති පර්යේෂණ අධ්‍යයනය කර, නාගරිකව හා ග්‍රාමීයව එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව ද එහිදී පෙන්වා දුන්නේය.

අනිවාර්යය කර ඇති පෙර පාසල්, පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියලු දරුවන් යොමු කරවීමත්, ළමුන් පාසල් නො යැවීමට හේතු සොයා ඊට පිළියම් යෙදීමත් ළමා ආරක්ෂක අධිකාරිය සතු ප්‍රධාන වගකීමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. සියලු ආගම්වලට අයත් ළමුන් දහම් පාසල් වෙත යොමු කිරීමෙන් ලැබෙන ආධ්‍යාත්මික ගුණ වගාව තුළින් දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධය ශක්තිමත් කළ හැකි බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදා ගත යුතු අතර ඊට සමගාමීව ඔවුන් ඒ සඳහා පෙළඹීමට බලපෑ සාධක අධ්‍යයනය කර පිළියම් යෙදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා‍ගේ අවධානයට ලක් වූ අතර ම සේවා ස්ථාන වශයෙන් ගෙන කාන්තා හිංසනය පිළිබඳව දැනුවත් කිරීම, මව්වරුන් විදේශගත පවුල්වල දරුවන් පිළිබඳ විශේෂ සැලකිල්ලට ලක් කිරීම, හිංසනයට ලක් විය හැකි බවට සැක සහිත පවුල්වල දරුවන් පිළිබඳ පෙර හඳුනාගැනීමේ අවශ්‍යතාව ද එතුමා පෙන්වා දුන්නේය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය එළිදැක්වීමට අවශ්‍ය සියලු කටයුතු නිම වෙමින් පවතින බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිළිස්සීමට ලක් වී මිය ගිය දැරිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට හා පවුලේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමටත්, සහෝදරියන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා උදා කර දීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

ළමා හා ස්ත්‍රී අපයෝජන වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ඒ හා සම්බන්ධ අධිකරණ කටයුතු කඩිනම් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතනවල කාර්ය සාධනය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබී ය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ යන මහත්මමහත්මීහු සහ අදාළ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

 

 

 

President Gotabaya Rajapaksa stresses that the security of children should be strengthened at the rural level
 
According to the information revealed, the majority of the children employed as child labourers are from the estate sector. The President pointed out that the necessary authority should be exercised at the Grama Niladhari Division level to prevent this plight. Grama Niladhari officers possess the information on families in the estate sector. The President added that immediate action is imperative when a child is missing from a household in order to put a stop to child labour.
The President made these remarks at a discussion held with the National Child Protection Authority (NCPA) and line institutes at the Presidential Secretariat this morning (05).
 
Special attention has been paid to empowering children and women in the national policy framework “Vistas of Prosperity and Splendour”. A separate state ministry has been established to accomplish this.
 
While commending the State Ministry’s efforts to prevent violence against children and women, the President highlighted the importance of studying the research conducted on child development in other countries and the possibility of implementing those mechanisms in urban and rural areas.
 
The President stated that the main responsibility of the Child Protection Authority is to direct all children to undergo mandatory pre-school, school and Dhamma school education and to find out the reasons for children failing to attend schools and provide solutions. The President pointed out that the relationship between the children and parents could be strengthened through the cultivation of spiritual virtues by encouraging the children belonging to all religions to attend religious schools.
 
President Rajapaksa stressed the need to safeguard the children from drug addiction and at the same time to study and address the factors that motivated them to use these drugs.
 
The President pointed out the need to raise awareness on violence against women in the workplace, to pay special attention to the children whose mothers are living abroad, and to identify the children who maybe at the risk of being harassed.
 
Piyal Nishantha, State Minister of Women and Child Development, Preschools & Primary Education, School Infrastructure & Education Services, said that all the necessary steps are being taken to launch the National Child Protection Policy in line with the “Vistas of Prosperity and Splendour.”
 
State Minister Nishantha said that steps have been taken to construct a house for the girl who died of burn injuries sustained at the house of MP Rishad Bathiudeen, to uplift the economy of the victim’s family and to create self-employment opportunities for the victim’s two sisters.
 
The State Minister also pointed out the measures that have been taken to prevent incidents of child and women abuse and to expedite court proceedings related to these incidents.
 
The President was briefed on the performance of the NCPA and line institutions.
 
Secretary to the President P. B. Jayasundera, Secretary to the Ministry of State K.M.S.D. Jayasekara, NCPA Chairman Prof. Muditha Vidanapathirana and the directors and other officials of the relevant institutions were present at the meeting.
 

Leave a comment

Your email address will not be published. Required fields are marked *