• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සංචාරක ක්ෂේත්‍රයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනයට ජනපතිගෙන් උපදෙස්

24 March 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරකයන්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි අතර එයට ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (24) පෙරවරුවේ නිරීක්ෂණය කරමිනි.

වසරේ පළමු කාර්තුවේ දී සංචාරකයන් 260,000කට අධික පිරිසක් පැමිණ සිටිති. එය පසුගිය වසරේ සමස්ත සංචාරකයන්ගේ පැමිණීමට වඩා ඉහළ අගයකි. වසර අවසානය වන විට සංචාරකයන් මිලියන 1.3ක ඉලක්කය සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි. සංචාරක ක්ෂේත්‍රයේ සියලු අංශ ඒ සඳහා සූදානම් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සැලසුම්සහගතව හා ක්‍රමානුකූලව සංචාරක ව්‍යාපාරයේ දියුණුව මගින් වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා 1966දී සංචාරක මණ්ඩලය ස්ථාපිත කෙරුණු අතර 2005 වසරේ දී එය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය බවට පත් විය.

සංචාරකයන් ගෙන්වා ගැනීම, නවාතැන් හා නිවාඩු නිකේතන සැලසුම් කිරීම, සංචාරක හෝටල් සහ සංචාරක ආයතන ඇතුළු සංචාරක සේවාවන් ලියාපදිංචිය හා වර්ගීකරණය, බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සංචාරක කර්මාන්තයට අදාළ සියලු ක්ෂේත්‍ර අධීක්ෂණය සඳහා සංචාරක සංවර්ධන අධිකාරියට බලතල පැවරී ඇත.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය, සමුළු කාර්යාංශය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වූ කාර්ය මණ්ඩලයේ කැපවීම ඇගයීමට ලක් කළේය.

ඩොලර් බිලියන 10ක මුදලක් වාර්ෂිකව සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීම රජයේ ඉලක්කය වී තිබේ. පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැවැන්ත පහරක් එල්ල කෙරිණ.
කොවිඩ් වසංගතය හේතුවෙන් එය තවදුරටත් බිඳ වැටීමට ලක් විය. සංචාරක ක්ෂේත්‍රයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් වේගවත් ප්‍රවර්ධනයක් සඳහා රජය සියලු පියවර ගෙන තිබේ.

එන්නත්කරණ වැඩපිළිවෙළිහි සාර්ථකත්වය මත නැවත සංචාරක කර්මාන්තය හිස ඔසවමින් පවතින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව දේශීය හා විදේශීය රැකියා විශාල සංඛ්‍යාවක් පවතී. ඊට සරිලන පරිදි පුහුණු අවස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ සඳහා රට පුරා ව්‍යාප්තව ඇති හෝටල් පද්ධතියේ සහාය ලබාගනිමින් තරුණයින් සඳහා ප්‍රායෝගික පුහුණුවත්, න්‍යායාත්මක දැනුමත් ලබාදීමට සැලසුම් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය බිඳ දැමීමට විවිධ ආකාරයේ සැලසුම්සහගත ප්‍රචාරණයන් ගෙන යමින් තිබේ. එවැනි පසුබිමක වුවද සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතී. පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුය. මෙරටට පය තැබීමේ සිට නැවත පිටත්වීම දක්වා ඉහළ ආගන්තුක සත්කාරයක් සමග සිත්ගන්නා සුළු සේවාවක් සැපයීමට කටයුතු සැලැස්වීම සංචාරක සංවර්ධන අධිකාරිය සතු වගකීමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් සමාගම් සමග සාකච්ඡා කර මෙරටට පැමිණෙන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

යාල, කුමන, මින්නේරිය ඇතුළු වනෝද්‍යාන හා වෙරළ කලාපය සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 3
Previous Post

INSEE සිමෙන්ති සමාගමේ තාක්ෂණ නිලධාරී සහ ඉංජිනේරු කුසලතා සංවර්ධන වැඩසටහන දකුණු පළාතටත් හඳුන්වා දෙයි

Next Post

ඉදිරියේදී සොබාදනවි” මෙගාවොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බව ඇමැතිනි පවිත්‍රා කියයි

editor

editor

Next Post

ඉදිරියේදී සොබාදනවි" මෙගාවොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බව ඇමැතිනි පවිත්‍රා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved