• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වී මිලදී ගැනීමට ණය සපයන ලෙස ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට ජනපතිගෙන් උපදෙස්

4 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා සහ මහජන බැංකු වෙත උපදෙස් දෙයි.

තරගකාරී ලෙස වී මිලදී ගෙන රජය සතුව ප්‍රමාණවත් වී සංචිතයක් පවත්වාගෙන යාම ඉලක්ක කරගනිමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ 02, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටි වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අද (04) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේදිය.

මහ කන්නයේ වී මිලදී ගැනීම, තොග රැස් කිරීම, අලෙවිය සහ හිඟයකින් තොරව වෙළෙඳපොළ සහල් අවශ්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ගත හැකි පියවර විමසා බැලීම ජනාධිපතිවරයාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

“වී සහ සහල් මිලට ගැනීම, ගබඩා කිරීම, සැකසීම සහ අලෙවිය පිළිබඳ ප්‍රමුඛ රාජ්‍ය මැදිහත්කරු වශයෙන් කටයුතු කිරීම” 1971 අංක 14 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත වී අලෙවි මණ්ඩලයේ දැක්මයි. අතරමැදියන්ගෙන් තොරව වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සහ වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින අවස්ථාවක වී තොග නිකුත් කිරීම වී අලෙවි මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යය වේ.

පසුගිය රජය යටතේ 2017 සහ 2019 වසරවල වී ඇටයක හෝ ප්‍රමාණයක් මිලදීගෙන නොතිබීම, පරිභෝජනයට ගත හැකි වී තොග සත්ව ආහාර සේ සලකා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට ඉතා අඩු මුදලට ලබාදීම හේතුවෙන් ආයතනයට විශාල පාඩුවක් සිදුකර ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

වී වලට සාධාරණ මිලක් නොලැබීම, අතරමැදියන්ට කොමිස් මුදල් බෙදී යාම, වී මිලදී ගැනීමේ දී පනවා තිබූ කොන්දේසි, ගබඩා නිසි අයුරින් නඩත්තු නොකිරීම යන කරුණු හේතුවෙන් ගොවියා සහ වී අලෙවි මණ්ඩලය අතර සබඳතාව දුරස් වී තිබිණ.

2020ට පෙර වසර පහක කාලයක් පැවති රුපියල් 35කට වඩා අඩු පාලන මිල 2020 මහ කන්නයේ දී රුපියල් 55ක අවමයකට ගෙන ඒමට වත්මන් රජය කටයුතු කළේය. 2022 මහ කන්නය වන විට වී කිලෝවක මිල රුපියල් 95ක තරම් ඉහළ අගයකට පැමිණීමෙන් ඉහළ වී තොගයක් මිලදී ගෙන ගබඩා කිරීමට හැකි වූ බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති, දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලයට මෙට්‍රික් ටොන් 315,000ක සංචිතයක් පවත්වාගෙන යාමේ ධාරිතාවක් තිබේ. එය ලක්ෂ 04ක දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

ගතවූ දෙවසර තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කළ ගබඩා සංඛ්‍යාව 315කි. ඉතිරිව ඇති ගබඩා 35 ද කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

වී මිලදී ගැනීම කඩිනම් කිරීම සඳහා සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් ලෙස උපාධිධාරීන් 40 දෙනෙකු සහ ගබඩා කටයුතු සඳහා බහුකාර්ය නිලධාරීන් 200 දෙනෙකු වහාම අනියුක්ත කිරීමට තීරණය කෙරිණ.

වී ගබඩා ආරක්ෂාව සඳහා අලි වැට ඉදි කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
‍
වී අලෙවි මණ්ඩලය ලාභ උපයන ආයතනයක් ලෙස ගොඩනගන අතර කිසිඳු අක්‍රමිකතාවකට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම් සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 14
Previous Post

දිලුම්ට කැබිනට් ඇමැතිකමක් … සි.බීගෙන් වෙනසක්

Next Post

මාතලේ ඉන්ධින හිගය 

editor

editor

Next Post

මාතලේ ඉන්ධින හිගය 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved