• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල් කුලියාපිටියට පළාත් පාලන අපේක්ෂකයන්ව ගෙනල්ලා පොඩි ජොලියක් අරන් – මන්ත්‍රී මරික්කාර්

12 March 2024
in දේශීය, පුවත්
වික්‍රමසිංහ- පොහොට්ටු හොර ජුන්ටාව පන්නන්න ජනවාරියේ පාරට බහිනවා – මන්ත්‍රී මරික්කාර්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රටේ සිටින තරුණ පරම්පරායට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සීයා කෙනෙක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුලියාපිටියට ලංකාවේ සිටින සියලුම පළාත් පාලන අපේක්ෂකයන්ව ගෙනල්ලා පොඩි විනෝදයක් ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (12) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

මහචාර්ය ජී.එල් පිරිස් මහතා කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ගුරුවරයෙකු බවත් තමන්ගේ ගුරුවරයාට සට්ටැබිරාල කියන තත්ත්වයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ‘‘රටේ සිටින තරුණ පරම්පරායට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සීයා කෙනෙක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුලියාපිටියට ලංකාවේ සිටින සියලුම පළාත් පාලන අපේක්ෂකයන්ව ගෙනල්ලා පොඩි විනෝදයක් ගත්තා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ පැවැති ජන රැළිය නම් කරලා තිබුණේ සැබැව කියලා. 2017.01.07 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුලියාපිටියේදී කිව්වා වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා කියලා. වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් කෙසේවෙතත් බයිසිකලයක් හදන කර්මාන්ත ශාලාවක්වත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හදා ගන්න බැරි වුණා. වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් කුලියාපිටියේ හදනවා කියලා ජනතාව රැවැට්ටුවා වගේම ජනතාව රවට්ටන වැඩක් තමයි සැබැව කියලා කුලියාපිටියේදී පැවැත්වුවේ. මාස 17 ක කාලයක සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලංකාවේ විවිධ පළාත්වල සංචාරය කරනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරයකට ගිය අවස්ථාවේ ඔහු කිව්වා ත්‍රිකුණාමලය ආයෝජන කලාපයක් කරනවා කියලා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරයකට ගිය අවස්ථාවේ ඔහු කිව්වා නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් කරනවා කියලා. ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරයකට ගිය අවස්ථාවේ ඔහු කිව්වා ගාල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කලාපයක් කරනවා කියලා. මේවැනි දේවල් කිව්වට තවම කිසිදු දෙයක් රට වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකරලා නෑ. 2024 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනොත් ඔහු අවුරුදු 80 පැනපු ජනාධිපතිවරයෙක්. අවුරුදු 80 පැනපු ජනාධිපතිවරයෙකුට රටේ තරුණ පරම්පරාව පිළිබඳව කිසිදු හැඟිමක් නෑ. එවැනි ජනාධිපතිවරයෙකුට රටේ ඕනෑම දෙයක් විකුණන්න පුලුවන් , රටේ ඕනෑම දෙයක් නැති කරලා දාන්න පුලුවන්. ඕන තරම් ණය ගන්න පුලුවන්. එහෙම වුණාම රටේ ජනාධිපති නෙවෙයි ණය කාරයා බවට පත්වෙන්නේ ණය කාරයෝ වෙන්නේ රටේ තරුණ ප්‍රජාව.

සියයට 18 කින් වැට් බද්ද වැඩි කරපු , තෙල් මිල වැඩි කරපු , විදුලි බිල වැඩි කරපු , භාණ්ඩවල මිල වැඩි කරපු , අත්‍යාවශ්‍ය සේවාවන මිල වැඩි කරපු , රටේ අධ්‍යාපනය කඩාකප්පල් කරපු , රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාකප්පල් කරපු , ප්‍රමිතියෙන් තොර ඖෂධ ගේන්න අවස්ථාව උදා කරපු පුද්ගයෙක් තමයි රටේ ජනාධිපතිලෙස අද පත්වෙලා සිටින්නේ. එවැනි නායකයෙකුට අපේ රටේ දේපළ විකුණන්න , අපේ රට ණය උගුලට ඇදලා දාන්න , වැනි ඕනෑම දෙයක් සිදුකරන්න පුලුවන්. රාජපක්ෂලාගේ සට්ටැබිරාල කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වලා තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වුණේ පිනට. රනිල් වික්‍රමසිංහට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 29,000 ක් ගන්න බැරිවුණා. මම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 97,000 ක් ගත්තා. මගේ ගාණටවත් ඡන්දය ගන්න බැරි පුද්ගලයෙක් රාජපක්ෂලාගේ සට්ටැබිරාල වෙලා ඉන්නවා. රාජපක්ෂලාට ජන මතයක් නෑ කියලා දැනගත්තාම රාජපක්ෂලාගේ සට්ටැබිරාලට කේන්ති යනවා. ඒකට වෙන වෙන පුද්ගලයින්ට බැනලා වැඩක් නෑ. සමගි ජනබලවේගය සහ සමගි ජනසන්ධානය කෙරෙහි තියෙන , ඉරිසියාව , කුහකකම , වෛරය , ක්‍රෝදය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කුලියාපිටියේදී සිදුකළ කතාවෙන් එළියට ආවා. ශිෂ්ඨ සම්පන්න මිනිස්සු විදිහට අපි තවම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කතා කරන්නේ සර් කියලා. රනිල් වික්‍රමසිංහ අපේ හිටපු නායකයා. ඔහුගේ සියලු වැඩවලට විරුද්ධයි නමුත් අපි ඔහුට සර් කියලා කතා කරනවා. ඒක තමයි යුක්ති ගරුක සමාජයක විදිහ. මහචාර්ය ජී.එල් පිරිස් කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ගුරුවරයා. තමන්ගේ ගුරුවරයාට සට්ටැබිරාල කියන තත්ත්වයකට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වෙලා තිබෙනවා. පරාජයේ අඳුරු සෙවනැලි දැකලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වියරු වැටිලා ඉන්නේ “මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11,428
Previous Post

කොළඹ වරාය නගරයේ ශ්‍රී ලංකාව දියුණු ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ සාක්ෂියක් -අගමැති

Next Post

ඡන්ද හැසිරෙන තත්වය කියන්න පුළුවන් මේ රටේ ඉන්න එකම දේශපාලනඥයා බැසිල් බව මන්ත්‍රී කුට්ටිආරච්චි කියයි

editor ttvnews

editor ttvnews

Next Post
ඡන්ද හැසිරෙන තත්වය කියන්න පුළුවන් මේ රටේ ඉන්න එකම දේශපාලනඥයා බැසිල් බව මන්ත්‍රී කුට්ටිආරච්චි කියයි

ඡන්ද හැසිරෙන තත්වය කියන්න පුළුවන් මේ රටේ ඉන්න එකම දේශපාලනඥයා බැසිල් බව මන්ත්‍රී කුට්ටිආරච්චි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025

Recent News

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved