• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල්ට ජනතාවට විශ්වාසයි – මන්ත්‍රි ලාන්සා

7 January 2024
in දේශීය, පුවත්
ජනපති රනිල්ට ජනතාවට විශ්වාසයි – මන්ත්‍රි ලාන්සා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ගැන රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනැගී ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (07) ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක් කොළඹ දී හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා, “ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කරයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. රටේ විශාල පිලිගැනීමක් තියෙනවා එතුමා වැටුනු රට යම් ක්‍රමයකට ගොඩගත්තා කියන එක පිළිබඳව. මේ ක්‍රමය දිගටම පැවතුනොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් කියන එක ජනතාව විශ්වාස කරනවා. කයිවාරුකායින්, බොරු කාරයින් ඇවිල්ලා එක එක ඒවා කියලා රට ආයෙත් ආපස්සට යන්න පුලුවන්. ඒ නිසා ජනාධිපතිතුමාට ඉල්ලන්න කියලා රටේ මතයක් ගොඩනැගිලා තියෙනවා. ධම්මික පෙරේරා කියන්නේ හොඳ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරික ඥාානය තිබුනට එතුමට දේශපාලන ඥානය නැහැ. පොහොට්ටුව කිව්වා කියනවා, එතුමා ජනාධිපති අපේක්ෂකයා කරන්න කොනිදේසි 10 ක් දාලා තියෙනවා, ඒ කොන්දේසි 10 සපුරලා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙනවා කියලා. පොහොටේටුවේ කවුරුත් කියලා නැහැ එතුමා ජනාධිපති අපේක්ෂකයා කරනවා කියලා. ධම්මික පෙරේරා මහතාට කවුරුහරි ලොකු බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ඒ බලාපොරොත්තුව පොහාට්ටුව කඩ නොකරයි කියලා මම විශ්වාස කරනවා. බලාපොරොත්තුව දුන්න කෙනා දැන් කියන්න ඕනේ අපි ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ෂකයා කරනවා කියලා. තාම එහෙම දෙයක් පේන්න නැහැ. ධම්මික පෙරේරා මහත්තයා නිකන් කියන්නේ නැහැනේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. ධම්මික පෙරේරා මහතාට මේ පණිවුඩය දුන්න වගකිවයුතු කෙනාට කියනවා ඇවිල්ලා රටට කියන්න පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්ම්ක පෙරේරා කියලා. ධම්මික පෙරේරා මහතාට පොහොට්ටුව දීලා තියෙන්නේ ලණුවක්. නිකන් ලණුවක් නෙමේ දිරච්ච ලණුවක්. ව්‍යාපාර පිළිබඳව අද්දැකීමක් තිබුනට දේශපාලනය ගැන අද්දැකීමක් නැහැ. ව්‍යාපාර කියවීමට හැකියාව තිබුනට දේශපාලනය කියවීමට හැකියාවක් ධම්මික පෙරේරා මහතාට නැහැ. මම දන්න පොහොට්ටුව දැන්ම හදිස්සි වෙන්නේ නැහැ තමන්ගේ ජනාධිපති අපේක්ෂාකයා ධම්මික පෙරේරා කියලා කියන්න.අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙලට සහය දක්වනවා. අපේ වැඩපිළිවෙලේ අපි වෙන කිසිම අපේක්ෂකයෙක් ගැන බලාපොරොත්තුවක් නැහැ. මේ ආර්ථික වැඩිපිළිවෙල ගෙනියන ජනාධිපතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියන එකයි අපේ බලාපොරොත්තුව. සමගි ජන බලවේගය පහුගිය කාලය පුරාම කිව්වේ පොහොට්ටුව, රාජපක්ෂවරු සහ එතුමා එක්ක හිටපු අය හොරු කියලා. ආර්ථිකය වැටෙන්න ප්‍රධානම හේතුව රාජපක්ෂවරු ගත්ත තීරණ කියලා කිව්වා. එහෙනම් සජබෙන් අහන්න කැමතියි නාලක ගොඩහේවා, ජී. එල්. පීරිස් වගේ අය ගන්නේ රෙදි ඇඳගෙනද කියලා. නාලක ගොඩහේවා තමා ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත. ආර්ථිකය වැටෙන්න බදු අඩු කරන්න උපදෙස් දුන්නේ ප්‍රධාන වශයෙන් නාලක ගොඩහේවා මහතා. වියත්මග, එළිය සංවිධාන හඳාගෙන පාර්ලිමේන්තුවේ නැති කෙනෙක්, දේශපාලනය කරපු නැති කෙනෙක් ගේන්න ඕනේ කියලා මතයක් ගොඩනැගුවේ මේ අය. අපි ඒ වේලාවෙත් කීවා ගෝඨාභය මහතාට දේශපාලනය කරන්න බැහැ කියලා. ඒක ජනතාව පිළිගත්තෙත් නැහැ, එතුමලා පිළිගත්තෙත් නැහැ. හැබැයි ගෝඨාභය ගෙනල්ලා අපේ අවුරුදු 30 ක දේශපාලනය නැති කරලා, නාලක ගොඩහේවා සජබයට කරනමක් ගැහැව්වා. සජිත් මහත්තයත් ආදරයෙන් වැලඳගෙන ඉන්නවා. ජී එල් කියන්නේ පොහොට්ටු පක්ෂයේ සභාපති. මේ අය එලියට ගියේ වේලාසනින් නෙමේ. අරගලයට ඉස්සෙල්ලා එලියට ගියේ මම. මේ අය අරගලයෙන් එළියට දාපු අය. නාලක ගොඩහේවා, ජී එල් ගෝඨාභය මහතාගේ අන්තිම කබිනෙට්ටුවෙත් හිටියා. මේ අය තමා ආණ්ඩුව කළේ. බදු අඩු කරලා රට නන්නත්තාර කළේ. සජබ අය නාලකට, ජී.එල් ට බැන්නා, පොහොට්ටුවට බැන්නා. රෙදි ඇඳගෙනද මේ අය වැළදගත්තේ කියලා අහනවා.

ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර නොගෙවා ඉන්න පුලුවන් කියලා ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික විශේෂඥයා කියනවනම් ඒ එයාගේ දැනුමේ තරම තමයි මේ. රටේ දැනුමක් තියෙන අය පිළිගන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණට බැහැ කියන එක. ජවිපෙ කියන්නේ අනුන්ගෙන් අරගන්න, අනුන්ගෙන් යැපිලා ජීවත්වන පිරිසක්. අනුර කුමාරට, සුනිල් හදුන්නෙත්තිට, විජිත හේරත්ට රස්සාවක්, ව්‍යාපාරයක් තියෙනවද ? නැහැ. පෞද්ගලික ආයතන වල වෘත්තීය සමිති පිහිටුවලා කප්පම් ගන්නවා, රාජ්‍ය ආයතනවල වැඩක් කරන්න දෙන්නේ නැහැ. මේ අය කියනවා අවුරුදු 70 ක් රට කෑවලු. 20 කෑවේ ඒ අය. අවුරුදු 30 ක් කෑවේ ප්‍රභාකරන්. ඉතිරි අවුරුදු 20 අධයාපන ප්‍රතිසංස්කරණ, විදුලිබල ප්‍රතිසංස්කරණ කරන්න දුන්නේ නැහැ. විදුලිබල මණ්ඩලයේ පාඩුව අවම කරගත්තොත් ලක්ෂ 20 කට රුපියල් 10,000 ගානේ දෙන්න පුලුවන්. ඒකට ඉඩ දෙන්නේ නැත්තේ කවුද ජවිපෙ වෘත්තීය සමිති. ‘හා මංචං ස්වෛරී බැදුම්කර ගෙවන්නේ නැතිව ඉන්න පුලුවන් කියලා’ සුනිල් හදුන්නෙත්ති කියන කාරණාව හෝඩියේ පන්තියේ ළමයෙක්වත් නොකියන කාරණාවක්. මේ අය බැංකුවකින් ණයක්, ව්‍යාපාරයක්, කඩයක්වත් නොකරපු අය තමා රටේ ආර්ථිකය හදන්න බණ දේශනා කරන්නේ. අද වෙනකොට විදේශ සංචිත බිලියන 4.5 ට වැඩිවෙලා. ගිය අවුරුද්දට සාපේක්ෂව ප්‍රේෂණ එවන එක සියයට 53 කින් වැඩිවෙලා. සංචාරකයන්ට එන්න එපා කියලා ඒ අය කිව්වා. යුක්රේනයෙන් ගණිකාවෝ එනවා කියලා විවිධ චෝදනා කළා. අද සංචාරකයෝ විශාල වශයෙන් එනවා. ආර්ථිකය යම් හොද මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේක බලාගෙන ඉන්න ජවිපෙ කයිවාරුකාරයින්ට බැහැ. සුනිල් හදුන්නෙත්ති සමූපකාර සමිතියකවත් ණයක් අරන් නැති නිසා ණය ගෙවීම පිළිබඳව වගකීමක් නැති ප්‍රකාශයක් කරලා තියෙන්නේ. 

වැට් හා බදු වැඩිකිරීම තුළ ජනතාවට විශාල අපහසුතාවයක් තියෙනවා. ඒක ජනතාවට දාරාගන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ බදු අඩු කිරීමෙන් ඉන්ධන, විදුලිය අර්බුද ආවා. මිනිස්සු පැය ගණන් පෝලිමේ හිටියා. බේත් ටික ගෙන්නගන්න බැරිවුනා. බදු අඩු කිරිම තුළ රටේ ආර්ථිකය වැටීමෙන් රුපියල් නැතිව ගියා. විදේශ විනිමය නැතිවුනා. ඒ නිසා අරගලයක් ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ හා ආණ්ඩුව එලෙව්වා. දැන් කියන්නේ රනිල් වික්‍රමසිංහටත් බදු අඩු කරලාා, රටේ ආර්ථිකය වට්ටලා ආපහු තිබුන තත්ත්වයට පත් කරන්න කියලද ?. බදු වැඩි කරනකොට මිනිස්සු බනිනවා, මිනිස්සු ජන්දෙ දෙන්නේ නැහැ කියලා දන්නවා. දන්නවා වුනාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ගන්න, බංකොලොත් භාවයෙන් මිදෙන්න, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන ආධාර ගන්නනම් ආර්ථිකය පිළිබඳ ගන්න ඕන තීන්දු තීරණ ඉතා පැහැදිලිව ගන්න ඕනේ. ඒකට ජනතාව බනියි, ජන්දය නොදී ඉදියි කියලා තීරණ ගන්නේ නැතිව ඉන්න බැහැ. එහෙම වුනොත් ගෝඨාභය රාජපක්ෂගේ අනිත් එක සිදු වෙන්නේ. මේ තීන්දු ගන්නකොට ජනතාව බනියි කියන එක, ජන්දය නොදී ඉදියි කියලත් දන්නවා. හැබැයි බුද්ධිමත් ජනතාව මේක තේරුම් ගනියි කියලත් අපි දන්නවා. පහුගිය අවුරුදු එක හමාර තුළ සිදූවූ දේ අමතක කරන්න බැහැ. බදු අඩු කරලා රටට වුනු විපත්තිය දැක්කා. ජනතාව පීඩනයට පත්වුනා. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙන කෙනෙක් කරන්නේ නැහැ. මොකද ජනවාරි පළවෙනිදා බදු වැඩි කරන්නේ නැහැනේ කිසිම නායකයෙක්. එතුමට ජන්දය ලැබුනා හෝ නොලැබුනා රටේ ඉදිරි දරුවන්ට මේ රටේ ආර්ථිකය හදන්න එතුමට ඕනේකම තියෙනවා. දේශපාලන පොරොන්දු, සුරංගනා කතා කියලා රටේ ආර්ථිකය හදන්න බැහැ. ජනතාවට ඇත්ත කියලා, මේ දේවල් පැහැදිලි කරන්න ඕනේ. හැබැයි එහෙම නැතිව එන ඕන කෙනෙක් මාස තුනයි. ඔය අයට වැට් එක් අඩු කරන්නත් බැහැ. බදු අඩුකරන්නත් බැහැ. පෞද්ගලීකරණය කරන්නත් බැහැ. එතකොට ආණ්ඩුවක් ඒ අයට ගෙනියන්න බැහැ. පෞද්ගලීකරණය කළොත් තමා පාඩු ලබන ආයතන වලින් අරගෙන ජනතාවට දෙන්න පුලුවන්. පාඩු ලබන ඒවා අඩුකරගත්තොත් තමා ණය ගෙවන්න පුලුවන් වෙන්නේ. රටේ ජනතාවගෙන් සියයට තිහක් තිස්පහක් තේරුම් අරන් තියෙනවා මේ ආර්ථික ප්‍රතිසංස්කරණ හැර වෙන ක්‍රමයක් නැහැ කියලා. තව ටික කාලයක් මේක ඉවසගෙන හිටියොත් තව මාස දෙක තුනකින් ජනතාවට සහන සලසන්න පුලුවන් වෙයි.

මම රාජපක්ෂවරුන්ට බලය තියෙනකොට එලියට ආව කෙනෙක්. අරගලයට ඉස්සෙල්ලා එලියට බැස්සා. සජබයට යන අය එලියට ආවේ අරගලයෙන් එලෙව්වට පස්සේ. ඒ නිසා අපිට නැවත රාජපක්ෂවරු බලයට ගේන්න උවමනාවක් නැහැ වගේම පොහොට්ටුව සමග වැඩ කරන්නේත් නැහැ. අපිත් එක්ක සන්ධානයේ ඉන්න මන්ත්‍රීවරුන් ඉන්නේ පොහොට්ටුවත් එක්ක ආයේ දීගකෙට යන්නේ නැහැ කියලා.” යැයි මන්ත්‍රී නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 14
Previous Post

නාගරික සංවර්ධන අධිකාරිය මහල් නිවාසවල පදිංචිවූවන්ගෙන් සියයට 50ට හිමිකම් ඔප්පු ලබා දිලා

Next Post

රත්තොට අතරමග නවතා ඇති පාලමේ වැඩ කඩිනමින් ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය රෝහණ

editor ttvnews

editor ttvnews

Next Post
රත්තොට අතරමග නවතා ඇති පාලමේ වැඩ කඩිනමින් ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය රෝහණ

රත්තොට අතරමග නවතා ඇති පාලමේ වැඩ කඩිනමින් ආරම්භ කරනවා - රාජ්‍ය අමාත්‍ය රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved