27 April 2024
#දේශීය #පුවත්

රත්තොට අතරමග නවතා ඇති පාලමේ වැඩ කඩිනමින් ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය රෝහණ

රත්තොට පල්ලේයාය ප්‍රදේශයේ වසර කිහිපයක් තිස්සේ වැඩ අතරමග නවතා ඇති පාලමේ වැඩ හැකි ඉක්මණින් ආරම්භ කිරිමට පියවර ගන්නා බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ප්‍රදේශවාසින් විසින් සිදු කළ ඉල්ලිම් අනුව එහි ගොස් සොයා බැලු අමාත්‍යවරයා කියා සිටියේ රටේ පැවති අයහපත් ආර්ථික අර්බුද හමුවේ මෙම ව්‍යාපෘතින් නැවතුණ බවත් මෙ ්වසරේ අය වැයෙන් ඇතුලු අනෙකුත් දේ මගින් ප්‍රතිපාදන ලැබි ඇති බැවින් හැකි ඉක්මණින් මෙම පාලමේ වැඩ ආරම්භ කරන බවය.

මෙම අවස්ථාවට හිටපු මන්ත්‍රි තිලක් කුමාරසිරි,මහතා ඇතුලු ප්‍රදේශවාසින් රැසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *