8 September 2024
#දේශීය #පුවත්

ජනපති රනිල් ජනතාවගේ විශ්වාසය රැක ගන්න කෙනෙක් ..රංගේට රවිගෙන් උත්තරයක්

පවතින තත්ත්වය තුල වැදගත් වන්නේ විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදිව ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

ඒ් මහතා පැවසුවේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන අතර නිර්දේශපාලනික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවයි.

එමෙන්ම අනතුරුව මැතිවරණය ජයග්‍රහණය කර රට හරි මාර්ගයේ ගෙනයාම විය යුතු වන බවද ඔහු ප්‍රකාශ කලේය.

ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම මිස වෙනත් ක්‍රමවලට වැඩකර පලක් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ විශ්වාසය දිනාගන්නා කෙනෙක් බව කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කලේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *