• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු පළාතට හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ ජනපතිගේ අවධානය

20 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා උතුරු පළාතේ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතියක්, වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් සහ නැවත වන වගා ව්‍යාපෘති ස්ථාපිත කිරීම පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්ති විභව ප්‍රධාන විදුලිබල ජාලයට එක් කිරීම පිළිබඳවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

මන්නාරම, තම්බපවනී සුළං විදුලි බලාගාරය අද (20) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙරට පුනර්ජනනීය බලශක්ති විභව සහ එහි වත්මන් ප්‍රගතියත්, ඉදිරි දස වසරක සැලසුම් පිළිබඳවත් විෂයභාර ආයතන වන ලංකා විදුලි බල මණ්ඩලය හා පුනර්ජනනීය බලශක්ති අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන්වල හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ඉදිරියේ දී බලගැන්වීමටත්, වහාම ධීවර බෝට්ටු සඳහා හරිත හයිඩ්‍රජන් බලශක්ති ක්‍රමවේදය හඳුන්වාදීම මගින් රටේ ආර්ථිකයේ මෙන්ම උතුරේ ආර්ථිකයේ ද සුවිශේෂී වෙනසක් ඇති කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

උතුරු පළාතේ ඉදි කෙරෙමින් පවතින මුහුදු ජල පවිත්‍ර කිරීමේ කර්මාන්ත ශාලාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. එවැනි ව්‍යාපෘති මගින් ඉදිරියේ දී ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට වන ඝනත්වය ආරක්ෂා කර ගනිමින් ජල මූලාශ්‍ර රැක ගැනීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය.

කුඩා ජල ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුඩා ජල ව්‍යාපෘති බවට පත්කළ හැකි වාරි ඇළ මාර්ග හඳුනා ගැනීමට ද නිලධාරීන්ට උපදෙස් දුන් අතර ගෝලීය උණුසුම ඉහළ යාමේ ගැටලු එමඟින් අවම කර ගත හැකි බව පැවසීය.

මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සහාය ඇතිව බලශක්ති ක්ෂේත්‍රයේ අනාගත තාක්ෂණයන් හා ක්‍රමවේද හඳුනාගැනීම සහ පර්යේෂණ කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, පුනර්ජනනීය බලශක්ති අධිකාරියේ සභාපති, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මින් අනතුරුව තලෛමන්නාරම ජැටිය නිරික්ෂණයට එක් වූ ජනාධිපතිවරයා මන්නාරම් කලාපීය සංවර්ධන සැලැස්ම යටතේ ජැ‍ටිය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ ඉදිරි භාවිතය පිළිබඳවද නාගරික සංවර්ධන අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ නාවික හමුදා නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් විය.

 

Post Views: 27
Previous Post

මහඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය වසා දැමීමේ සැලසුමක්

Next Post

වසර 07කට පසු ග්ලයිපොසේට් තහනම ඉවතට

editor

editor

Next Post

වසර 07කට පසු ග්ලයිපොසේට් තහනම ඉවතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved