27 April 2024
#දේශීය

වසර 07කට පසු ග්ලයිපොසේට් තහනම ඉවතට

වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල්මර්දනය සඳහා විශාල බලපෑමක් එල්ල කළ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

මීට අදාලව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට බාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

පළමුවරට 2015 දී මෙරට ග්ලයිෆොසේට් තහනම් කරන ලද්දේ වල් මර්දනය සදහා කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් හඳුන්වා නොදෙමිනි. ඉන් අනතුරුව 2018 දී තේ හා රබර් සඳහා ග්ලයිෆොසේට් යෙදීම තහනම් කළේය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ වල් මර්දනය සඳහා ග්ලයිෆොසේට් හැර විකල්ප ක්‍රමවේදයක් මෙතෙක් නොතිබු බැවින් අස්වනු අඩුවීමට ද එම තත්ත්වය හේතුවිය.

ඒ අනුව 2015 සිට වසර 07ක් තිස්සේ පැවැති ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට පියවර ගත් බව අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *