• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි ජනපති සියලු ජාතීන්ගෙන් ඉල්ලයි

2 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී ඊයේ (01) ආරම්භ කෙරුණු COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමිනි.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් එක්ව සිටිති.

එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ. ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් විසින් ඔවුන්ගේ කාර්යභාරය ඉටුකිරීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගැනීමට සහායවීම අත්‍යාවශ්‍ය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම අර්බුදයෙන් මිදීමට සහ පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළේය. මුල්බැස ගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධ වුවද, මෙය අනාගතයේ දී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉන් නවෝත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරනු ඇති බව ද පෙන්වා දුන්නේය.

දේශගුණික විපර්යාස සියලු ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට අසමාන ලෙස බලපායි. දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම් සඳහා නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබේ. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව හැඩගැසුණු අපගේ උසස් දාර්ශනික උරුමය පාරිසරික අඛණ්ඩතාවයට විශාල වටිනාකමක් ලබා දෙයි. එබැවින් තිරසරභාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බදු යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය වසර 2050 වන විට කාබන් ශූන්‍යත්වයක් ළගා කර ගැනීම සඳහා විමෝචනය අවම කිරීමයි. 2030 වන විට අපගේ කාබන් වෙන් කිරීමේ ධාරිතාවය 7%කින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන අතර පොසිල ඉන්ධන භාවිතය ක්‍රමනුකූලව තුරන් කිරීමට පියවර ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.

වසර 2030 වන විට නිකුත් කරන නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට උත්සාහ කරන තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනයට ශ්‍රී ලංකාව 2019 දී නායකත්වය දී තිබේ. මෙම වැඩසටහනට තවත් රටවල් එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා කීය.

පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාව නායකත්වය දෙයි. ශ්‍රී ලංකාව සිය අභිලාෂකාමී තිරසර ප්‍රයත්නයන් සඳහා ආයෝජන, තාක්ෂණික හුවමාරුව සහ දේශගුණික අභියෝග ජය ගැනීම සඳහා මූල්‍ය සම්පත් මෙන්ම කොවිඩ් 19 වසංගතයෙන් ප්‍රකෘතිමත් වීම සදහා ලබාදෙන පුළුල් සංවර්ධන ආධාර සාදරයෙන් පිළිගන්නා බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඇමරිකානු ජනාධිපති, ප්‍රංශ ජනාධිපති, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය, ඉතාලි අග්‍රාමාත්‍ය, චාල්ස් කුමරු සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද ප්‍රධන සමුළුවේ දේශන සිදු කළහ.

සමුළුව ඇමතූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කළේ දේශගුණික විපර්යාසයන් දැනටමත් ලෝකය, මිනිස් ජීවිත හා ජීවනෝපාය විනාශ කරමින් තිබෙන බවයි. දේශගුණික විපර්යාස පිළිබඳ රට තුළ ඇති ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගැනීම හැරුණු කොට ලෝකයේ සෙසු රටවලටද සහයවීමේ වගකීම එක්සත් ජනපදය ඉටුකරන බවත්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ආරක්ෂිත ලෝකයක් බෙදා හදා ගැනීම සහතික කරනු වස් තවත් බොහෝ දේ ඉටුකිරීමට තම රට අපේක්ෂා කරන බව ජෝ බයිඩන් මහතා සඳහන් කළේය.

දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමට අපොහාසත් වීම පිළිබඳ නිදහසට කරුණු කිසිවක් නොමැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින් ප්‍රකාශ කළේය. පසුගිය කාලය තුළ යම් ප්‍රගතියක් ලබා ඇතත් පරිසරය වෙනුවෙන් තවත් කළයුතු විශාල කාර්යභාරය පවතින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා අද නිසි ලෙස වගකීම් ඉටු නොකළහොත් එහි අයපහත් ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවන්නේ අනාගත පරපුරට බව ද පෙන්වා දුන්නේය.

පෘථිවිය අපගේ දෑස් ඉදිරිපිට වෙනස් වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සමුළුව අමතමින් සඳහන් කළේය. මේ පිළිබඳ ඥානාන්විතව නිසි වගකීම් ඉටුකළ යුතු බව පෙන්වා දුන් මහලේකම්වරයා එකී අභිලාෂයන් සාමුහිකව දැරිය යුතු බව ද පැවසීය.

සියලුදෙනා එක්ව විෂමතාවයන් ජය ගැනීමට ප්‍රායෝගීක ක්‍රම සොයා ගත යුතු බවත්, එවිට පෘථිවිය බේරාගත හැකි අතරම අපගේ තරුණ ප්‍රජාවගේ තර්ජනයට ලක්ව ඇති අනාගතය සුරක්ෂිත වන බවත් සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වූ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සදහන් කළේය.

ඔක්තෝබර් 31 ඇරඹි COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගො නුවරදී පැවැත්වේ.

Post Views: 3
Previous Post

රග්බි ක්‍රීඩාව දියුණු කිරිම සඳහා උපදේශක කමිටුවක් පත් කෙරේ

Next Post

ගමෙන් පටන් ගමු … ජවිපෙ මහරගමින් පටන් ගනි

editor

editor

Next Post

ගමෙන් පටන් ගමු ... ජවිපෙ මහරගමින් පටන් ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025

Recent News

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved