27 April 2024
#ක්‍රීඩා

රග්බි ක්‍රීඩාව දියුණු කිරිම සඳහා උපදේශක කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාවේ පවතින ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් උපදේශක කමිටුවක් පත් කිරීම ඊයේ (01) දින සිදු කල බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා විසින් අසංග සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයන් 08 දෙනෙකුගෙන් යුතු ක්‍රියාකාරී කමිටුවක් මේ සඳහා පත් කරන ලදි.

එම කමිටුවේ සාමාජිකයන් වන්නේ අසංග සෙනෙවිරත්න මහතා, කමිටු ප්‍රධානි වශයෙන් ද, සෙසු සාමාජිකයින් ලෙස රිස්ලි ඉල්ලියාස් මහතා, එම්.එච්.මාර්සෝ මහතා, ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා, විංග් කමාන්ඩර් එරංග ගීගනගේ රියර් අද්මිරාල් ඒ.එස්.එල්. ගමගේ , උදානි එදිරිසිංහ මෙනවිය සහ වෛද්‍ය ලාල් ඒකනායක මහතා යන අය වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *