ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත අනුයුක්ත කර තිබූ, සක්‍රීය රාජකාරි කටයුතු සඳහා යොදා නොගන්නා ලද “නිසාන්” වර්ගයේ ගිලන් රථයක් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ භාවිතය සඳහා ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝගී ප්‍රවාහන සහ හදිසි ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ගිලන් රථය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම ඊයේ (ජූනි 30) සිදු කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ගිලන් රථය මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ප්‍රේමදාස මහතා වෙත නිල වශයෙන් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයුම්) එච්.එම්.එන්. දිනිප්‍රිය හේරත් සහ අධ්‍යක්ෂ (ප්‍රවාහන) මුදිත විමලසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















