• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

අර්බුද එනකොට ජනාධිපතිවරු පාර්ලිමේන්තුව වැහුවා – කීර්ති තෙන්නකෝන්

14 December 2021
in විශේෂාංග
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව වාර අවසන් කළේ ආර්ථික හා දේශපාලන අර්බුදයට විකිණීමෙන් උත්තර සෙවීමටයි ඉතිහාසය පුරා අර්බුද එනකොට ජනාධිපතිවරු පාර්ලිමේන්තුව වැසු බව රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කර සිටියේය” ඉතිහාසය පුරාම පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම අධ්‍ය්‍යනය කළ යුත්තේ, ඒ වන විට පැවති දේශපාලන, අර්ථික ගැටළු සමඟය. මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ සෑම අවස්ථාවක දී ම රටේ දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක් හෝ පාලක පක්ෂයට නැතිනම් පුද්ගලිකව ජනාධිපතිවරයාට විසඳාගැනීමට අර්බුදයක් තිබුණේය. ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුම් සොය ගැනීමට කාලය මාස 2 ක කාලයක් ලබා ගැනීමේ මාර්ගය ‘පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම‘ ලෙස පාලකයින් දැක ඇත. උපක්‍රමයක් ලෙස භාවිත කොට ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් 12 දින පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම ද ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට කාලය ලබා ගැනීමකි. ප්‍රශ්නය ඇත්තේ, මෙවර අර්බුදයේ දිග පළල ගැන විපක්ෂයට තබා සිවිල් ක්‍රියාකාරීන් කිසිවෙකුත් නොදැන සිටීමය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදුන්වා දීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සභා වාර 25 ක් පවත්වා ඇත. ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ට දෝෂාභියෝගයක් අත්සන් කරන බව දැනගත් මොහොතේම පාර්ලිමේන්තුව වාර අවසන් කර වසා දැම්මේය. චන්ද්‍රිකා කුමාරතුංගම මහත්මිය ඉතිහාසය වැඩිම කාලයකට (දින 60) කට පාර්ලිමේන්තුව සභා අවසන් කළේය. රටේ ආර්ථිකය බිඳවැටී සෘණ තත්වයට පත් වූ විට, ජවිපෙ සමඟ පරිිවාස ආණ්ඩු හදන්නට එමගින් කාලය ගත්තේය. 2010 – 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවකට දේශපාලන අර්බුද තිබුණේ නැත. ඒ නිසාම පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට අවශ්‍ය වූවේ නැත. අගමැති රනිල් වික්‍රමසිංහ ට විරුද්ධ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ විට (2018 මාර්තු) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වාර අවසන් කළේය. දින 52 ආණ්ඩුව සමයේ අවස්ථා දෙකක දී වාර අවසන් කිරීමට සිදු වූයේ පාර්ලිමේන්තුවේ බල තුලන ගැටළුව නිසාය.

ඒ අනුව, ඉතා දේශපාලන අර්බුයක් විසඳා ගැනීමට කාලය ගැනීමට වාර අවසන් කිරීම සුලබ ව්‍යවහාරකි.

පාර්ලිමේන්තුව වාර අවසන් කර චීන අශුචි පොහොර නැවට මුදල් ගෙවන්නට යයි. නැනෝ පෙහොර මගඩිය ගැන කථා නැත. නිව්පෝට්ට්‍රස් ගණුදෙනුව ගැන කතාවක් නැත. ආර්ථික අර්බුදය ගැන කරුණු හෙළිවීම වසා ගත හැකිය. ගෑස් පිපිරීම් වාර්තා වසන් කළ හැකිය. වල් නාශක, කෘමිනාශක, දිලීර නාශක නැතිව වගා විනාශය යටපත් කළ හැකිය. ආහාර, ඖෂධ හිඟය වසා ගත හැකිය. ඉන්ධන සඳහා මුදල් නැතිනම් එය ද තවත් අර්බුද රැසක් ද පාපිස්සට යට කළ හැකිය.

නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සිදු කිරිමට, පාර්ලිමේන්තුව වාර අවසන් කළ අවස්ථා තිබේ. ප්‍රභාකරන් ඝාතනය කර යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමෙන් පසුව මහින්ද රාපජක්ෂ මහතා පාර්ලිමේන්තුව වාර අවසන් කර දින දෙකකින් පාර්ලිමේන්තුව අමතා ජයග්‍රහණය සැමරීය. සෑම ජනාධිපතිවරයාම ඒ ව්‍යවහාරය පවත්වාගෙන ඇත.

වාර අවසන් කළ පසුව, පාර්ලිමේන්තු කටයුතු, ස්ථාවර නියෝග, ගෘහ්‍ය කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද, වස්ථාදායක, අමත්‍යාංශයීය උපදේශක කාරක සභා, රජයේ ගිණුම්, පොදු ව්‍යාපාර, රාජ්‍ය මුදල්, මහජන පෙත්සම්, පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව යන සියල්ල නැවත සාමාජිකයින් පත් කළ අලුතෙන් ආරම්භ කළ යුතුවේ.

සරළ අර්ථයෙන් ගත් කළ, පාර්ලිමේන්තුවේ අති බහුතරයක් කටයුතු නැවත මුල සිට ආරම්භ කළ යුතු වේ. ඒ සඳහා ගත වන කාලය, ධනය, ශ්‍රමය අති මහත්ය.

උසස් නිලතල පිළිබඳ කාරක සභා (පත්වීම්) සහ අධීක්ෂණ කාරක සභා සහ පාර්ලාමේන්තුවේ විශේෂ කාරක සභා හැර අන් සියල්ල අකර්මන්‍ය වූ විට මුදල් පාලනය පිළිබඳ සියළු පාලන මර්මස්ථාන බිඳ වැටෙන්නේය.

කෝප් කමිටුව, පොදු ව්‍යාපාර කාරක සභාව, රාජ්‍ය මුදල් කාරක සභාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාපති ධූරය දරන නමුත් පසුගිය සමයේ දී විවාද සම්පන්න කටයුතු ගණනාවකට මැදිත්විය. ඔවුන්ගේ කටයුතු අවසන් වී නව සභාපතිවරුන් යටතේ නැවත මුල සිට ඇරඹීමට සිදුවේ. චරිත හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා සහ මේ කමිටුවල සභාපතිවරුන් නැවත එම තනතුරුවලට පත් නොවූවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත.

පැරණි ආන්ඩුක්‍ර ව්‍යවස්ථාව යටතේ ද, 1947 සිට 1977 දක්වා අවස්ථා 45 කට ආසන්න ගණනක දී වාර අවසන් කිරීම සිදුව ඇත. ඒවායේ පෙළ ගැස්ම ද, දේශපාලන අර්බුද, ආර්ථික අර්බුද, මර්ධන නීති, ගැටුම් හා බැදී තිබුණි.

පළමුවන පාර්ලිමේන්තුවේ, 1978 සිට 1988 දක්වා සැසිවාර 07ක් පැවැත්වූවේ, ජූලි වර්ජනය, 83 වාර්ගික ගැටුම්, දේශපාලන පක්ෂ තහනම් කිරීම, ඇත්ත – ජනදින සීල් තැබීම වැනි කරුණු ඇසුරේය. නැතිනම්, ජනමත විචාරණය, ජනාධිපතිවරණය ආදී අවස්ථාවෙන් ගෙන් පසුව ජේ.ආර්. මහතාට පාර්ලිමේන්තුව ඇමතීමට ය.

දෙවන පාර්ලිමේන්තුවේ 1989 සිට 1994 දක්වා ද, ජනපති ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුව ඇමතීම, දෝෂාභියෝග කලමනාකරණය, ජනාධිපති ඝාතනයෙන් පසුව ආදී වශයෙන් සැසිවාර 05ක් පැවැත්විණි.

තුන්වන පාර්ලිමේන්තුවේ 1994 සිට 2000 චන්ද්‍රිකා කුමාරතුංග ගේ සැසිවාර තුනම ගැටුම් හා බැදී පවතී.

හතරවන පාර්ලිමේන්තුවේ 2000 සිට 2001 දක්වා සැසිවාර 03ක් ආර්ථික අර්බුදය, පරිවාස ආණ්ඩුව අය වැය සම්මත කර ගත නොහැකිවීම හා බැදුණි.

පස්වන පාර්ලිමේන්තුවේ 2001 සිට 2004 ජනපති චන්ද්‍රිකා – අගමැති රනිල් ආණ්ඩුව චන්ද්‍රිකා ගේ බලහත්කාරයේ වාර අවසන් කිරීම් විය.

හයවන පාර්ලිමේන්තුවේ 2004 සිට 2010 දක්වා සැසිවාර 04ක් බැදී තිබුණේ යුද්ධයට ජාත්‍යන්තර අත පෙවීම්, අය වැය සම්මත කර ගැනීමේ අර්බුදය (කරූ ජයසූරිය ආණ්ඩුවට එකතුවීම) හා යුධ ජයග්‍රහණය ඇසුරේ ය.

හත්වන පාර්ලිමේන්තුවේ 2010 සිට 2015 තනි බල පරාක්‍රමය ජනාධිපති මහින්ද මහතා අත පැවතුණි. තනි වාරයකින් පාලනය අවසන් විය.

අටවැනි පාර්ලිමේන්තුවේ 2015 සිට 2020 දක්වා සැසිවාර 04ක් පැවැත්විමට සිදු වූවේ අගමැති රනිල් විශ්වාස භංගය, දින 52 ආණ්ඩුව, ජනාධිපතිවරණ ජයග්‍රහණය නිසාය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2020/08/20 සිට පසුගිය දෙසැම්බර් 12 දක්වා තනි සැසිවාරයකින් ගිය පාර්ලිමේන්තුව වාර අවසන් කර පැය කිහිපයකින් සිංගප්පූරුව බලා ගොස් ඇත.

වත්මන් මුල්‍ය අර්බුදය අති විශාලය. මහ බැංකුවේ අත්‍යවශ්‍ය ආහාර හා ඉන්ධන සඳහා පමණක් ඩොලර් මිලියන 800 කට ආසන්න ණය වර ලිපි සඳහා ඩොලර් ඉල්ලා ඇත. සංචිත ඇත්තේ ඩොලර් 100 ක් පමණී. 2022 ජනවාරි 16 ට ඩොලර් මිලියන 500 ක ණය ගෙවිය යුතුය. පොහොර බෙහෙත් නැතිව රටට කන්න නැත. චීන අශුචි නැවට දැන් වන්දි ගෙවිය යුතුය.

ඩොලර් අර්බුදයට ඇති එකම විසඳුම විකිණිය හැකි ඕනෑම ඉඩමක්, සම්පතක් කුණු කොල්ලයට විකුණා දැමීමය. ඩොලර් මිලියන 200 කට විකුණනු නොලැබූ හිල්ටන් හෝටලය ඩොලර් මිලියන 75 ක ට හෝ දැන් විකිණීමට රජය සුදානම් ය.

රටේ සියළු සිවිල් ක්‍රියාකාරකම් අවම මට්ටමකට පත්වීම තුලින් හඩක් නැගෙන්නේ ආණ්ඩුව විසින් බිහිකර ඇති (විමල්-ගම්මන්පිල-වාසු) විපක්ෂයෙනි. ආණ්ඩුවට හිසරදයක් වී ඇත්තේ (BOI) චරිත හේරත් ගේ කෝප් කමිටුවයි. අනුර ප්‍රියදර්ශන යාපා රජයේ ක්‍රියාකාරකම් විවේචනය කළේය.

අනුර කුමාර දිසානායක කරෙවලපිටිය ගිවිසුම සභාගත කිරීමත් සමඟම ඇති වූ තත්වය බැදුම්කර වංචාව අනාවරණයෙන් ඇති වූ ගැටුම හා සමානය. විපක්ෂය පාර්ලිමේන්තුවේ දුර්වල බව ඇත්තකි. නමුත්, ඉද හිට හෝ මතුවන අවම විරෝධය හෝ වැලැක්වීම රජයේ අභිප්‍රාය බව පැහැදිලිය.

මේ අර්බුදයට විසඳුම ඇත්තේ දත්ත හා කරුණු මත පදනම්ව හරවත් සංවාදයක් සඳහා අවශ්‍ය පරිසරය ගොඩනැගීමට සිවිල් ක්‍රියාකාරිකයින්ගේ මැදිහත්වීම තුලින් පමණී. “

Post Views: 8
Previous Post

කාබනික වගාවට සාප නොකර කොම්පෝස්ට් නිෂ්පාදනයට කරනවා- රාජ්‍ය අමාත්‍ය රොෂාන්

Next Post

හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

editor

editor

Next Post

හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

9 February 2026
ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved