ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ කොටසක් ලෙස, පාසල් වෙත විදුහල්පතිවරුන් ස්ථානගත කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට විශේෂ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. විදුහල්පති සේවා සංගමයේ සාමාජිකයින් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළ අතර, වෘත්තිකයන් සඳහා තෘප්තිමත් සේවා පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි.














