• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ කරයි

8 August 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත දීමේ අරමුණින් “අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) අරලියගහ මන්දිරයේදී ආරම්භ කරන ලදී. රු.මි.50 කින් ආරම්භ කරන ලද මෙම අරමුදල ඉදිරියේදී තවත් ශක්තිමත් කර ගනිමින් වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම දක්ෂතා ඇති නවකයින්ට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියට ඒමට ආධාර උපකාර කිරීම මෙම අරමුදලේ මූලික අරමුණක් වී තිබේ.

අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල පිහිට වූ අවස්ථාවට ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරින් ප්‍රමුඛ ආරාධිත අමුත්තන් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වී සිටියහ.

එහිදී අග්‍රාමාත්‍ය මෙසේ අදහස් පල කර සිටියේය ” ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රීඩා හැකියාව පිළිගත හැකි මට්ටමක තිබෙන බව මම ප්‍රථමයෙන් පැවසිය යුතුයි. නගරයේ පමණක් නොව ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා දක්ෂතාවයන් හොඳ මට්ටමක පවතිනවා. අපේ තරුණ තරුණියන් ක්‍රීඩා අංශ කිහිපයකම ඉහල දක්ෂතා පෙන්නුම් කරනවා. ඒත් අවාසනාවකට ජාත්‍යන්තර මට්ටමේ තරඟවලට යොමුවී පදක්කම් දිනා ගැනීමේ පසුබිමක් අප ඇති කරලා නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව හැර අනෙක් ක්‍රීඩාවල එම අඩුපාඩුව දක්නට තිබෙනවා. කාලයක් තුල දැරූ උත්සාහයක ප්‍රතිඵල නිසා ක්‍රිකට් ක්‍රීඩාව මගින් ජාත්‍යන්තරය ජය ගැනීමට හැකිවුණා. අද අප එය ආරක්ෂා කර ගත යුතුව තිබෙනවා. නමුත් අනෙකුත් ක්‍රීඩා අංශවලට අතදීමේ අවස්ථාව මගහැරී තිබෙනවා. එසේ වුවත් සමහර අවස්ථාවලදි තමන්ගේ කැපවීම නිසා ක්‍රිඩක කී්‍රඩිකාවන් ඉදිරියට ගොස් තිබෙනවා.මේ නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතදීමේ අරමුණින් මෙම අරමුදල අපි ආරම්භ කළා. ඒ මගින් ක්‍රීඩාවට අවශ්‍ය ආධාර මුදල් රාජ්‍ය හා වෙනත් අංශ වලින් විටින් විට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මා සමඟ මේ පිළිබඳව කතා බහ කළා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳ එතුමාට අදහස් ගණනාවක් තිබුණා. ඒ නිසා මේ අරමුදල ආරම්භ කිරීමට මා එකඟ වුණා. ඒ තුලින් අකලංක පිරිස් වැනි විශාල කැපවීමක් තිබෙන ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට උපකාර කරන්නට පුළුවන්. මා සිතන්නේ අකලංක දැන් තරඟ දෙකකට එකවර ඉදිරිපත් වෙන බවයි. ආසියානු ක්‍රීඩා තරඟ වලට මෙන්ම ලංකාවේ උසස් පෙළ තරඟය සඳහා ඔහු එකවර සහභාගි වෙනවා. තම තමන් ඒ ආකාරයට කැපවීම් කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය මෙන්ම අනෙක් අංශවල සහයෝගය ලබාදීම අවශ්‍යයි. එසේ නැතිනම් ක්‍රීඩාව දියුණු කිරීමට නොහැකියි. අපේ ඉලක්කය විය යුත්තේ තවත් ක්‍රීඩා අංශ ගණනාවකින් ආසියානු හා ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමයි. ඔලිම්පික් උළෙල දෙස බැලූ විට කුඩා රටවල් ගණනාවක් එහිදි රන් පදක්කම් දිනාගෙන තිබෙනවා. මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේදී බලාපොරොත්තු නොවුණු කණ්ඩායම් ගණනාවක් අවසන් වට සඳහා ඉදිරිපත් වුණා. ඒ තුලින් පැහැදිලි වන්නේ ඒ ඒ රටවල් ඔවුන්ගේ දක්ෂතා දියුණු කර තිබෙන බවයි. එසේ නම් අපිත් දක්ෂතා ඇති අංශ හඳුනාගෙන ඒවා දියුණු කළ යුතුයි. එම දක්ෂතා හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා මෙම අරමුදලින් අපට ආධාර උපකාර කිරීමට හැකි වෙනවා. ඒ තුලින් ආසියානු හා ජාත්‍යන්තර මට්ටමට ළඟා විය හැකියි. අප දැන් එම ගමන ආරම්භ කළ නිසා දශකයක් දෙකක් යෑමට පෙර අපේ ඉලක්කය වෙත ලඟා විය හැකියි. ඒ සඳහා පාසල් මට්ටමින් ක්‍රීඩා දක්ෂතා ඉහල නැංවීම පිළිබඳ අධ්‍යාපන ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. විශේෂයෙන් උසස් පෙළ සඳහා වෘත්තිය විෂයන් අතුලත් කිරීමේදී කී්‍රඩා විෂය ද ඇතුලත් කිරීමට පියවර ගන්නවා. සුරේෂ් සුබ්‍රමනියම් මහතා මා සමඟ කතා නොකලා නම් අද මෙම අරමුදල ආරම්භ කිරීම සිදු නොවන්නට ඉඩ තිබුණා. ඒ නිසා යලිත් මා එතුමාට ස්තුති කරනවා. මේ රටේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට, දියුණු කිරීමට හා ඒ වෙනුවෙන් කැපවෙන අයට රජයක් හැටියට අප සහයෝගය ලබා දෙනවා. ක්‍රිඩා සංගම්හි මූලික අරමුණ විය යුත්තේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමයි. ඒ මගින් රටට කීර්තියක් ඇතිකර ගැනීමට හැකි වෙනවා. ක්‍රීඩා ඇමතිතුමා ද මේ කටයුතු ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම නව නීති ද සකස් කරගෙන යනවා. මෙම මුල්‍යාධාර තුලින් හා අනෙකුත් ආධාර තුලින් ආසියානු හා ජාත්‍යන්තර මට්ටමේ රන් පදක්කම් දීනා ගත හැකි රටක් බිහි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එම අවස්ථාවට ක්‍රීඩා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, හැටන් නැෂනල් බැංකුවේ සභාපති දිනේෂ් වීරක්කොඩි, ඔලිම්පික් පදක්කම්ලාභි ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

විභාග ප්‍රතිපල වෙනස් කළාට සමාව ඉල්ලයි!

Next Post

CA ශ්‍රී ලංකා වාර්තා සම්මාන තරගය සඳහා අයදුම් පත් කැඳවයි

editor

editor

Next Post

CA ශ්‍රී ලංකා වාර්තා සම්මාන තරගය සඳහා අයදුම් පත් කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved