27 April 2024
#විදෙස්

විභාග ප්‍රතිපල වෙනස් කළාට සමාව ඉල්ලයි!

සිය විශ්ව විද්‍යාලයට ඇතුල්වීම සඳහා පෙනී සිටිය යුතු ප්‍රවේශ විභාගයේ ලකුණු වසර ගණනක් පුරාවට වෙනස් කිරීම සම්බන්ධයෙන් ජපානයේ ප්‍රමුඛතම වෛද්‍ය විද්‍යාලයක් සමාව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තෝක්යෝ වෛද්‍ය විද්‍යාලය විසින් වසර 2006 පටන් එහි ප්‍රවේශ විභාගයට ඇතුළු වන ශිෂ්‍යාවන් ප්‍රමාණය පාලනය කිරීම සඳහා විභාග අපේක්ෂිකාවන් රැසකගේ ලකුණු වෙනස් කර ඇති බවට අභ්‍යන්තර පරීක්ෂණයකින් හෙළි වී තිබේ.

වසර 04 කට පමණ මෙම ප්‍රවේශ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් ගේ ද ලකුණු සිතාමතාම අඩු කර ඇතැයි මේ වන විට හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *