• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව කුලප්පු කරලා ප්‍රශ්න විසඳන්න බෑ – හිටපු ජනපති මහින්ද

27 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප මාතෘභූමිය හමුවේ විවිධ අභියෝග තිබෙන නමුත් ජනතාව කුලප්පු කොට ප්‍රශ්න විචාරය කළ පමණින් කිසිඳා ප්‍රශ්න විසඳිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ හලාවත, ආරච්චිකට්ටුව නගරයේ දී ඊයේ (27) පෙරවරුවේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි. “මැර බලයට එරෙහි ජන බලය” යන්න තේමාව කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ආණමඩුව ආසන සම්මේලනය මෙහිදී පැවැති අතර ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා විසින් මෙය සංවිධානය කෙරිණි.

රට හමුවේ පවතින ප්‍රශ්න සැබෑ ලෙසම විසදීමේ අවශ්‍යතාවය පෙන්වාදෙන ඒ මහතා ජනතාව කුලප්පු කර ප්‍රශ්න විචාරය කළ පමණින් ඒවා කවදාවත් විසඳෙන්නේ නැති බවද උත්තර ලැබෙන්නෙත් නැති බවද පෙන්වාදෙයි. ඇතැමුන් උත්තර කියා නැවතවරක් ප්‍රශ්නෙම කියන බවද සදහන් කරන රාජපක්ෂ මහතා තවත් සමහරු ප්‍රශ්න වෙනත් විදියකින් කියන බවද කියාසිටී.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,” අපි කළුතරින් පටන් ගත්ත ගමන එදා නාවලපිටියට ගිහින් අද ආරච්චිකට්ටුවට පැමිණ තිබෙනවා. මේ හැමතැනදිම ජනතාවගෙන් අපට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම අපේ අනාගත වැඩපිළිවෙල වෙනුවෙන් ඔබ දක්වන කැපවීම අගය කරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. ඔබ දන්නවා ඇතමෙක් නොයෙක් අවලාද නැගුවත් අපි කිසිවිටකත් මේ රට වෙනුවෙන් හිතාමතා වැරදි තීන්දු අරගෙන නැහැ. ගන්නෙත් නැහැ. ඒ නිසා කාටවත් ඔබව වැරදිකරුවන් ලෙස හඳුන්වන්න බැහැ. සමහරු අපට අපහාස කරනවා. ඔවුන් ඒ අවලාද නඟන්නේ හරියට ඒවායේ දිග පළලවත් දන්නෙ නැතිවයි. කොවිඩ්වලින් පසුව සිදුවුණු ආර්ථික විපර්යාස ගැන ඔබට වැටහීමක් ඇති. ප්‍රතිශක්තිකරණ එන්නත් ගෙනවිත් ජනතාවගේ ජීවිත බේරන්නයි අපි ප්‍රමුඛත්වය දුන්නෙ. හැබැයි ඊළඟට ආපු ආර්ථික අභියෝගය අදටත් අපි හැමෝටම විශාල අභියෝගයක් වෙලා තියෙනවා.

මේ ජනතා පීඩනය තමයි ඇතමෙක් වැරදි විදියට ප්‍රයෝජනයට ගත්තෙ. සමහරු අදටත් මිනිස්සු උසිගන්වනවා. හැබැයි රට වෙනුවෙන් වගකීම ගන්න කිවුවම බෑ කියනවා. ඒ නිසා අර කතාවත් තියන්නෙ පිස්සො කළබල උනාට දොස්තරලා කලබල වෙන්නෙ නෑ කියලා. අපේ ක්රමය රට වැටුණු තැනින් ගොඩගන්න එක මිසක් ආයේ මේ රට ආපස්සට ඇදලා දාන ක්රමය නෙමෙයි. ගිනි තියන්න ලේසියි හදන්න අමාරුයි. අපි හිටගන්න ඕනි හදන පැත්තෙ මිසක් රට ගිනි තියන පැත්තෙ නෙමෙයි. මේ වයඹ පළාතේ ජනතාව භීෂණය ගැන හොඳට දන්නවා. ඒවා ගැන අපි අමුතුවෙන් මතක් කළයුතු නැහැ. මට මතකයි ඉස්සර අපි මේ පළාත්වල නැවතිලා ඡන්ද කළේ. සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා අපි හඳුනන්නෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් කාලේ ඉඳන්. ඒ නිසා ඔබට මතක ඇති මේ ප්‍රදේශ තිබුණ තත්ත්වයෙන් ගොඩගන්න අපේ ආණ්ඩු කාලේ මොනවගේ මැදිහත්වීමක් ද කළේ කියලා.

මට මතකයි ඇතැම් මංමාවත් පිළිසකර කරද්දි සමහර තැන්වල ඔරුවෙන් තමයි ගමන තිබුණේ. අපි පුළුවන් විදියට ඒ හැමතැනටම පාළම් දැම්මා. දූපත් යා කළා. යටිතල පහසුකම් සංවර්ධනය කළා. හැබැයි නොකෙරුණු වැඩකොටසකුත් තියෙනවා. ඒවා ඉටුකරමින් ඉද්දි තමයි අපිට මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මේ පළාතේ වැඩිපුර ඉන්න ධීවර ජනතාව. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නිරත විශාල පිරිසක් ඉන්නවා. ඉන්ධන නිසා ධීවර ජනතාවත් පොහොර නිසා කෘෂිකර්මානතයේ නිරත ජනතාවත් පහුගිය කාලේ බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. මේ පළාතේ විතරක් නෙමෙයි රටේ හැම තැනම එහෙමයි. ඉස්සන් වගාවත් අද දුෂ්කර තැනකට ඇද වැටිලා. ඒ අයට උදව් ඕනි. අපි ඒ අයට උදව් කරොත් විශාල පිරිසකට ආර්ථික ප්‍රතිලාභ ලබන්න පුළුවන්. අනෙකුත් කර්මාන්තත් එහෙමයි. වැඩපිළිවෙලක් ඇතිව ක්‍රමානුකූල ගමනක් ගියොත් මේ ව්‍යාපාර දියුණු කරන එක අපහසු නැහැ.

සියයට සියයකින් නැතත් ඔබට තිබෙන ප්‍රශ්න අපි එකින් එක අද විසදමින් යනවා. අපි පිළිගන්නවා මේ ප්‍රශ්න අපි විසඳන්න උවමනායි. හැබැයි ජනතාව කුලප්පු කරන ප්‍රශ්න විචාරය කර පමණින් මේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නෙත් නෑ. උත්තර ලැබෙන්නෙත් නෑ. සමහරු මම දක්කා උත්තර කියලා ආයෙමත් ප්‍රශ්නෙම කියනවා. තවත් සමහරු ප්‍රශ්න වෙන විදියකින් කියනවා. හැබැයි හැම ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙන්නෙ ප්‍රශ්නවලට බය නැතිව රටේ අභියෝගය භාරගන්න කණ්ඩායමට විතරයි. අදත් ඊට සුදුසුම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරක් බව අපි ඔබට මතක් කරනවා. ඒකයි අපි කියන්නෙ මැතිවරණයකට වුණත් අපි ලෑස්තියි කියලා. සමහර දේවල් අපට වළක්වන්න බැරිව වැරදියට සිදුවුණ දේවල් තියෙනවා. ඒවා වැරදියි. සමහර දේවල් ප්‍රජාතන්ත්‍රවාදීව කරන ගරු කිරීම නිසා අපට වළක්වන්න බැරිව වැරදුණු දේවල් තියෙනවා. හැබැයි ඒ එකක්වත් අපේ පරාජයන් නොවන බව හොඳින් මතක තබාගන්න.

මේ සභාවේ සිංහල දෙමළ මුස්ලිම් හැම සහෝදරයෙක්ම ඉන්නවා. ඔබ මේ ප්‍රදේශයේ සමගියෙන් ජීවත්වෙනවා. අපි පක්ෂ පාට, ජාති ආගම්, කුල මල, භේද එක්ක ඉදිරියට ගියොත් මේ ප්‍රශ්න එකකටවත් පිළිතුරු හොයන්න බැරි වෙනවා. ඒකයි අපි ඔබට අද යෝජනා කරන්නෙ එක්ව නැගිටිමු කියලා. එක්ව නැගිටිනවා විතරක් නෙමෙයි, අපි නැගිටින්නෙ මේ රට මුහුණ දෙන ආර්ථික අභියෝගයෙන් මේ රට එතෙර කරන වැඩපිළිවෙල එක්ක බව අපි ඔබට විශ්වාසයෙන් මතක් කරනවා. ඒ නිසා ඒ ගමන එකාවන්ව රට වෙනුවෙන් ඉදිරියට යමු. යැයි අපි ඔබට ආරාධනා කරනවා. අවසන් වශයෙන් මේ ජනහමුව සංවිධානය කළ අපේ හිතවත් සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා ඇතුළු මේ ප්‍රදේශයේ සියලුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයන්ටත් ඔබ සැමටත් අපගේ ප්‍රණාමය පුද කරනවා.යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

Allianz World Run 2022 වැඩසටහනේ ලොව දෙවැනි ස්ථානය අලියාන්ස් ලංකා කණ්ඩායමට හිමි වේ

Next Post

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ලෝක සාක්ෂරතා දිනයට සමගාමීව ලාංකීය දරු පරපුර නව තාක්ෂණයෙන් සවිබල ගන්වයි

editor

editor

Next Post

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ලෝක සාක්ෂරතා දිනයට සමගාමීව ලාංකීය දරු පරපුර නව තාක්ෂණයෙන් සවිබල ගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved