• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කරයි

8 September 2023
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා වන INSEE Ecocycle, මෙරට විශාලතම පාරිභෝගික කිරි නිෂ්පාදන සමාගම වන Fonterra Brands Lanka (පුද්.) සමාගම සමග පසුගියදා විශේෂ හවුල්කාරීත්වයකට එළඹිණි.

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ තිරසාර හා පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙය තිරසාර සංවර්ධනය හා පරිසර සංරක්ෂණය සම්බන්ධ ශ්‍රී ලංකාවේ ජාතික න්‍යාය පත්‍රය සමගද සමගාමී වේ. මෙම හවුල්කාරීත්වය යටතේ, පාරිභෝගිකයන් Fonterra Brands Lanka (පුද්.) සමාගමේ නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් පසුව ඇතිවන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වගකීම INSEE Ecocycle මගින් භාරගනු ඇත. දිවයින පුරා පළාත් පාලන ආයතන සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග එක් වී, නාගරික ඝන අපද්‍රව්‍ය තුළ එක්රැස් වන, කිරි නිෂ්පාදනවලට අදාළ දිරාපත් නොවන සහ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් සහ පොලිතීන් කාර්යක්ෂමව එක්රැස් කිරීමට සහ නිසි ලෙස බැහැර කිරීමට INSEE Ecocycle බලාපොරොත්තු වෙයි.

“නාගරික ඝන අපද්‍රව්‍ය යනු ජාතික මට්ටමේ ගැටලුවක්. මෙම ගැටලුව විසඳමින්, වඩාත් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ උත්සාහය තුළ සමාගම් හා ආයතනවලට තීරණාත්මක කාර්යභාරයක් පැවරෙන බව අප විශ්වාස කරනවා. Fonterra Brands Lanka සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, කිරි කර්මාන්තය තුළ අප තැබූ සුවිශේෂී නව පියවරක්. අපගේ අන්‍යෝන්‍ය ඉලක්කවලට ගැළපෙන, නව්‍ය අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් ක්‍රියාවට නැංවීමට අවස්ථාවන් රැසක් මෙහි පවතින බව අපට පෙනෙනවා.” INSEE Ecocycle Sri Lanka සමාගමේ සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා පැවසී ය.

අපද්‍රව්‍ය කළමනාකරණ සේවාවන්ට අමතරව, Fonterra Brands Lanka සමාගමේ සහයෝගය ඇතිව, INSEE Ecocycle විසින් ප්ලාස්ටික් සහ පොලිතින් නිසි ලෙස වෙන් කිරීම සහ බැහැර කිරීම පිළිබඳව නගර සභා සේවකයින් දැනුවත් කිරීමටද පියවර ගනු ඇත.

චක්‍රීය ආර්ථිකයේ මූලධර්ම අනුව යමින්, හුදෙක් අපද්‍රව්‍ය බැහැර කිරීම සහ කළමනාකරණය කිරීම යන සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, අපද්‍රව්‍ය වටිනා සම්පතක් බවට පරිවර්තනය කිරීම INSEE Ecocycle හි අරමුණයි. INSEE Ecocycle හි විශේෂත්වය පවතින්නේ එහි සිමෙන්ති උදුන් තුළ සිදුවන සුවිශේෂී සහසැකසුම් (Co-processing) ක්‍රියාවලිය තුළ ය.

සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියේදී සිය මවු සමාගම වන INSEE Cement සමග එක්ව කටයුතු කරමින්, හානිකර විමෝචනයන්ට ඉඩ නොතබා අපද්‍රව්‍ය විනාශ කිරීමට සහ පූර්ණ ජීර්ණ ක්‍රියාවලියට ලක්කිරීමට INSEE Ecocycle කටයුතු කරයි. සාම්ප්‍රදායිකව සිදුකරන ආකාරයට අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම හෝ පුළුස්සා දැමීම වෙනුවට සහසැකසුම් ක්‍රියාවලියට බඳුන් කිරීම මගින් අපද්‍රව්‍ය වටිනා සම්පතක් බවට පරිවර්තනය වන අතර, එමගින් පරිසරයට ඇතිවන බලපෑමද අවම වේ.

පිටපත – PR

Post Views: 21
Previous Post

දයාසිරි ගැන මෛත්‍රිගේ තීන්දුවට අධිකරණයෙන් වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප වෙයි

Next Post

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනවා – ආරක්ෂක අමාත්‍යංශය

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනවා - ආරක්ෂක අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved