• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

අංගම් සටන් ශිල්පය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරනවා – අමාත්‍ය රොෂාන්

1 June 2022
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ක්‍රීඩාවේ ඉදිරි ගමන් මඟ හා ක්‍රීඩා ආර්ථිකයට දායක විය හැකි ක්‍රීඩාවන් හදුනාගැනීම සදහා පසුගිය දා අමාත්‍යාංශයේ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදිය.

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ පුරාණයේ සිට පැවත එන සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් ලෙස අංගම් සටන් ශිල්පයට ප්‍රමුඛස්ථානයක් හිමිවන අතර රාවණා යුගයේ සිට ම මෙකී සටන් කලාව පැවත එන බවත්‍, පසුකාලීනව රජවරුන් විසින් යුද්ධවලදී මෙකී සටන් ශිල්පය යොදා ගෙන ඇති බවත් ජනප්‍රවාදවලින් කියැවේ.

ප්‍රධාන ගුරුකුල කිහිපයක් යටතේ මෙරට විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කොට ක්‍රියාත්මක වූ මෙම සටන් කලාව ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ තහනමට ලක් කර තිබිණි. ඉන් පසු එවකට සිටි අංගම් සටන් ශිල්පීන් මෙම කලාව නර්තන අංගයක් ලෙස පෙන්වමින් රහසිගතව ඉදිරියට පවත්වා ගෙන ඇති බවත්, පරම්පරාගතව ශිල්පය උරුම වී ඇති බවත් මේ පිළිබද ඉතිහාසය අධ්‍යයනයේ දී පෙනී යයි.

ක්‍රීඩා ආර්ථිකයක් මෙන්ම ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැංවීමේ වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය සාම්ප්‍රදායික ක්‍රීඩා ප්‍රවර්ධනය සදහා වැඩපිළිවෙලක් සකස් කිරීම මෙන්ම මෙරට පැවති සාම්ප්‍රදායික ක්‍රීඩා අතුරින් ක්‍රීඩාවක්, සටන් කලාවක් මෙන් ම සංස්කෘතික උරුමයක් ද වශයෙන් වැදගත් වන අංගම් සටන් කලාව මේ යටතේ ප්‍රවර්ධනය කිරීමට තෝරාගෙන ඇත. මෑත කාලයේ රාජ්‍ය මැදිහත්වීම සහිතව විවිධ අමාත්‍යාංශ මගින් මෙම ශිල්පය ප්‍රවර්ධනය කිරීම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

ක්‍රීඩාවක් සහ ශාරීරික ව්‍යායාමයක් වශයෙන් අංගම් සටන් ශිල්පයේ ඇති කොටස් යොදා ගැනීමටත්, ඒ හරහා මෙකී වටිනා සාම්ප්‍රදායික ශිල්පය ආරක්ෂා කර ජනගත කිරීමත් කෙරෙහි මෙම සාකච්ඡාවෙන් අනතුරුව අවධානය යොමු විය. ඒ සදහා පහත ක්‍රියාමාර්ග ඔස්සේ අංගම් සටන් ශිල්පය ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.

අංගම් සටන් කලාවට අදාළ පසුබිම, ඉතිහාසය ආදී තොරතුරු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, පර්යේෂණ පරිසංවාද සංවිධානය කිරීම හා එම තොරතුරු මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීම, දැනට අංගම් සටන් කලාවේ යෙදෙන ශිල්පීන් සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම‍. සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි අදාළ සියළු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සංදර්ශනාත්මක ප්‍රසංග සංවිධානය කිරීම‍. ශාරීරික අධ්‍යාපන විෂයය තුළට මෙම අංගම් සටන් කලාවේ සුදුසු කොටස් එක්කිරීම සඳහා අදාළ ආයතන සමග එක්ව කටයුතු කිරීම හා එමඟින් ඉදිරි පරම්පරාව ජවසම්පන්න කිරීම යන කරුණු මූලික අදියරේදී ක්‍රීයාත්මක කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශයේ ‌ජ්‍යේෂඨ නිළධාරීහු පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 1
Previous Post

මාතලේ වගා දිනයක් ප්‍රකාශයට පත් කරනවා – ආණ්ඩුකාර ලලිත්

Next Post

ගංවතුර තත්ත්වයන් පිඩාවට පත් ජනතාවට සහන සලසන්න – අගමැති

editor

editor

Next Post

ගංවතුර තත්ත්වයන් පිඩාවට පත් ජනතාවට සහන සලසන්න - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved