නැගෙනහිර බෞද්ධ ප්‍රබෝධයේ විශේෂිතම ස්ථානය ලෙස සැලකෙන්නේ පුල්මුඩේ අරසිමලය ආරාන්‍ය සේනාසනයයි.
ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසයට ඉතා කිට්ටු නෑකම් තිබෙන ප්‍රදේශයක් වන පුල්මුඩේ ප්‍රදේශය තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් මෙරටට ගොඩ බෑ ස්ථානය ලෙසද හැදින්වෙනවා.
පුල්මුඩේ වෙරල තීරයෙන් ලක් දිවට ගොඩ වූ මෙම වෙළඳ දෙබෑයන් මෙම ස්ථානයේ සිට ත්‍රීකුණාමලය තිරියාය දක්වා ගමන් කොට එහි බුදුරදුන් ලබා දුන් කේශ ධාතු නිදන් කොට පළමු චෙත්‍යය ගොඩ නැගු බව ඉතිහාසයේ තොරතුරු වලට අනුව තහවුරු වෙනවා.
අතීතයේ රුහුණු රටට අයිතිව තිබූ මෙම ප්‍රදේශයේ බෞද්ධ උරුමයේ අපූරු සන්දිස්ථානයක් බව එම ප්‍රදේශයේ පවත්නා පෞරාණික වස්තුන්ගෙන් තහවුරු වන අතර එය පුරාවිද්‍යා නිලධාරින් කළ පරික්ෂණ වලදීද තහවුරු වී තිබේ.
මෙවන් උදාරතර භූමියක් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර දීමට මෙම අරිසිමලය සේනාසුන කේන්ද්‍ර කරගත් සේනසුන් වල වැඩ වාසය කරන මහා සඝ රුවන සිදු කරන්නා වූ මෙහෙය සුළු පටු නොවේ.
අරසිමලේ ආරාන් සේනාසනය ප්‍රධාන කොට ගත් ආරාන්‍ය සේනාසන සංචිතය සේනාසන 32 කින් සමන්විත වනවා. මෙහි වැඩ වාසය කරන ශිල්වත් භාවනායෝගී භික්ෂූන් වහන්සේ 40 නම සිදු කරන්නේ මිල කළ නොහැකි ශාසනාක සේවාවකි.
පින්ඩ පාතයෙන් සෑහීමට පවා ධානමානාදිය උන් වහන්සේට නොලැබෙන්නේ මෙම ප්‍රදේශයේ බෞද්ධයින්ගෙන් තොර කලාපයක් වීම නිසා බව බොහෝ දෙනා දන්නා කරුණකි.
අරිසිමලේ ආරාන්‍ය සේනාසනාධිපති හිටියත් මෙම ආරාන්‍ය සේනාසන 32 ක ආරක්ෂා කර ගැනීමට හා ඒවායෙහි අයිතිය සුරක්ෂිත කිරීමට ගත් උත්සහයට අතීතවාදී බල වේග එල්ල කළේ සුළු පටු විරෝධතාවන් නොවේ.
කෙසේ වුවද මෙම තර්ජන ගර්ජන හමුවේ නොසැලී සිටිමින් තම අරමුණ කරාම ගමන් ගත් අරිසිමලය ආරාන්‍ය සේනාධිපති උතුරු නැගෙනහිර හා තමන් නඩුව ප්‍රදේශයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පනාමුරේ තිලකවංශාභිධාන නායක ස්වාමින් වහන්සේ ගෙන යන කාර්යය භාරය මෙතැනැයි කියා නිම කළ නොහැකි ශාසනික සේවාවකි.
ගත සිත පිනවා අරිසිමලේ වන සේන සුන නිසල පුදබිමකි. අරිසිමලේ වෙරල තීරයට මුහුණලා පිහිටි මෙම සුන්දර බිම මෙන්ම ඊට අනුබද්ධ පුදබිම් සියල්ලම ගත සිත නිවාලන පින් නැමැති පිරිස් වලට පින් රැස් කර ගැනීමට මෙන්ම බවුන් වඩන භික්ෂුන්ට සසර මග කෙටි කර ගැනීමට ඇති හොදම ස්ථානයයි.
කොරෝනා ව්‍යවසනය මෙන්ම වර්ථමානයේ රටතුල හටගෙන ඇති ආර්ථික අර්බුධය හමුවේ මෙම ආරාන්‍ය සේනාසන වල පැවැත්මටද එල්ල වී ඇත්තේ බරපතල තර්ජනයකි.
මෙම සේනාසන වල වැඩ වසන මහා සඝ රුවනට පුන්‍ය සැපයිම මෙන්ම එම ස්ථාන නඩත්තු කිරීමට ප්‍රමානවත ආදායම් නොතිබීම මෙහි වැඩ වාසන මහා සඝ රුවන මේ වන විට මුහුණ දී ඇති බරපතල ගැටළුවකි.එහෙයින් පින් කැමති හා බුදු සසුනේ චිරත්සිතිය අපේක්ෂා කරන බවට මෙම ස්ථාන හා එහි වැඩ වසන මහා සඝ රුවන ආරක්ෂා කර ගැනීමට සුදුසු කාලය මේ වන විට එලබී තිබේ.
මැදවච්චිය-ගයාන්