පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගූ නව සන්ධානය හරහා විවිධ මතදරමින් සිටි පිරිස් එක් කිරීමේ ගෞරවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.
ඊයේ (18) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පොදුජන පෙරමුණේ සිටින බහුතරයක් ශ්‍රීලනිපයේ දේශපාලන අත්පොත් තැබු අය වුවත් මෙහි ප්‍රධාන පක්ෂය පොදුජන පෙරමුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි එක් කණ්ඩායමක් ලෙස පැවසු අමාත්‍යවරයා එහි තීන්දු තීරණ නායකයන් එක්ව ගන්නා බවත් මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේ සිටම සන්ධාන නිර්මාණය වී තිබුණු අතර මෙහිදී සිදුව ඇත්තේ එම සන්ධානය නීත්‍යානුකූල වූ බවද අවධාරණය කර ඇත.
පොදුජන පෙරමුණේ ශ්‍රීලනිප විරෝධය වෙනස් වෙයි !
මේ අතර ගොඩකවෙල පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසා සිටින්නේ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති වලට විරුද්ධ පාර්ශවයන් නාම යෝජනා වලට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළහොත් ඊට එරෙහි වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
අපි අදත් කියනවා 2015 ගේම අපි තරග කලා.ඒ තරග කරන්න යද්දීත් මහින්ද රාජපක්ෂ මහත්තයගේ අය මේ ගොල්ලන් හොද නැහැ කිව්වා.
අපේ රටේ ජනතාව පැත්තේ ඉදගෙන තමයි අපි මේ ආන්ඩුවක් හදල තියෙන්නේ. අපි අතර කිසිදු ගැටුමක් නැහැ, අපි බලාපොරොත්තු වෙනවා අපේ පාර්ලිමේන්තුව තුල 150ක් හදාගන්න පුලුවන් ලේසි ක්‍රමය.එකට තරග කරල ගන්න පුලුවන් ගානයි ඒ දෙගොල්ලක් එක්ක තරග කරල ගන්න පුලුවන් ගානයි එහෙම තරග කරල හොදද කියල. අපි තනියම තරග කරලත් ශ්‍රී ලංකා නිදහස් පක්සය තනියම තරග කරලත් දැන් අපි ගිහින් ගන්නවාට වඩා වැඩි ආසන සංඛයාවක් ගන්න පුලුවන්නම් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා එහෙ පුලුවන් ප්රදේහවල උපරිම ජයග්රහනයක් කරන්න. එහෙම නැත්නම් අපි දෙගොල්ලන් එකට තරග කරනවා.අපි දෙගොල්ලන් අතර කිසිම විරසක බාවයක් නැහැ. වර්තමාන අගමැති තුමත්. හිටපු ජනාදිපති තුමත් මේ සාකච්ඡා කරන්නේ කොහොමද මේ වැඩපිලිවෙල කරගෙන යන්නේ කියල.