• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home වෙනත්

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

23 January 2021
in වෙනත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන අතිශය සංවේදී පරිසර පද්ධතියකින් සමන්විත ප්‍රදේශයකි.

බස්නාහිර පළාතේ දකුණු කෙලවරේ පිහිටි මෙම ප්‍රදේශය සීග්‍ර ලෙස ජන ගහණය වර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක් ලෙසද හඳුනාගත හැකි අතර වැඩි වන ජන ගණයට අවශ්‍ය පහසුකම් වෙනුවෙන් ස්වාභාවික පරිසර පද්ධති වලට සිදුවන බලපෑම්ද සීග්‍රයෙන් වැඩිවන ප්‍රදේශයකි.

මෙරට වෙනත් කිසිඳු ස්ථානයක හමු නොවන ඉහල ජෛව වටිනාකම් සහිත පරිසර පද්ධති රැසකින් සමන්විත වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ප්‍රමුඛ වැසි වනාන්තරයක් වන යගිරල රක්ෂිත වනාන්තරය ඇතුළුව පැණිවැල් මූකලාන, ජම්බුගහහේන – නාවලකන්ද කඳු පංති වනාන්තර කලාපය, හල්වල් කැලය සංරක්ෂිත වනාන්තරය, කහබිලියාකන්ද සංරක්ෂිත වනාන්තරය, බටුකන්ද රජයේ කැලය, කනානකන්ද සංරක්ෂිත වනාන්තරය, බංගලාකන්ද රජයේ කැලය, කුමාරන්කන්ද රජයේ වනය, කළුගල යෝජිත රක්ෂිතය, ගමෙක් කන්ද රජයේ කැලය, විරකන්ද මුකලන යෝජිත රක්ෂිතය, කලුකොට්ට්ව කන්ද රජයේ කැලය, අව්වෙගල කන්ද සංරක්ෂිත වනය, බුලත්කන්ද රජයේ කැලය, මීගහතැන්න යෝජිත රක්ෂිතය වැනි තෙත් කලාපීය සදාහරිත වනාන්තර පද්ධති වලින් හා මල්ගස්ඕවිටදෙණිය කඩොලාන සංරක්ෂිත වනාන්නතරය, ඉත්තෑපාන මඩවිට කඩොලාන වනාන්නතරය, ලුල්බද්දුව කඩොලාන වනාන්නතරය වැනි කඩොලාන වනාන්තර වලින්ද සමන්විත වේ. බෙන්තර ගඟ එක් මායිමක් වන මෙම කලාපය බෙන්තර ගඟ සහ කළු ගඟ හා බැඳුනු ජලවහන පද්ධතියකින්ද සමන්විත වේ. මේ නිසා මෙම සුවිශේෂී පරිසර කලාපය තුල ඉහල ශාක සහ සත්ව විවිධත්වයක් ඇති අතර මෙරටට අවේණික වනජීවීන් විශාල ප්‍රමාණයක්ද මේ ආශ්‍රිතව වාසය කරයි. මෙහි හමුවන ශාක හා සත්ත්ව විශේෂ බොහොමයක් මෙරටට පමණක් ආවේණික වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්වූ විශේෂ වේ. එම විශේෂයන්ගෙන් බහුතරයක් මෙම කලාපයටම ආවේණික වීමද විශේෂ ලක්ෂණයකි.

මෙවැනි වටිනාකමක් සහිත රක්ෂිත කලාප තුල වෙසෙන වන ජීවීන් හට විවධ තර්ජණයන් මේ වනවිට එල්ල වෙමින් පවතී. මස් පිණිස ගෝනුන්, ඌරන්, ඉත්තෑවන් වැනි විශාල ක්ෂිරපායින් දඩයම් කිරීම, ජාන කොල්ලය හා වෙළඳාම සඳහා වටිනා ශාක විශේෂ සහ උරගයින්, පක්ෂීන්, උභයජීවීන්, මත්ස්‍යයින්, දිලීර, ලයිනක වැනි ජෛව කොටස් එකතු කිරීම වැනි ජාවාරම් මෙම ප්‍රදේශයන් තුල හොර රහසේ සිදුවෙයි. මිරිදිය මත්ස්‍යන්ගේ ඉහල විවිධත්වයක් මෙහි පවතින අතර විසිතුරු මසුන් ලෙස අලෙවිය සඳහා ස්වාභාවික ජල දහරාවන්ගෙන් මසුන් හා ජලජ ජීවීන් එකතු කිරීමද විශාල වශයෙන් සිදුවේ. මෙම කලාපය තුල ඉහල සත්ත්ව විශේෂ ගණත්වයක් පවතින නමුත් ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරකම් නිසා වනජීවින්ට අනතුරු හෝ විපතක් සිදුවූ විට එම සතුන්ට අවශ්‍ය ප්‍රථිකාර ඇතුළු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පහසුකම්ද මෙම ප්‍රදේශයෙහි නොපවතී. සීග්‍රයෙන් ජනාකීර්ණ වන කලාපයක පිහිටීම නිසා මෙහි ඉඩම් වලට ඇති ඉල්ලුම ඉහල යාම සමග වනාන්තර ප්‍රමාණය අඩුවීමෙන් වන ජීවීන් හා මිනිසුන් අතර සිදුවන ඝට්ටනයන්ද ඉහල ගොස් ඇති අතර පසුගිය වසර කිහිපය තුල දුර්ලභ වන ජීවීන් විශාල ප්‍රමාණයක් අහිමි වීමද සිදුවිය.

මේ නිසා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත බීට්ටු කාර්යාලයක් මෙම ප්‍රදේශය තුල පවත්වාගෙන ගෙන යා හැකි නම් මෙම ප්‍රදේශයයේ වන ජිවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ වනජීවී ජාවාරම් නවතා දැමීමට හැකියාව ලැබෙනු ඇත. එමගින් වනජීවීන්ට සිදුවන හදිසි අනතුරු වලදී ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙන නිසා හදිසි අනතුරු නිසා සිදුවන වන ජීවී හානි වලක්වා ගැනීමට හැකියාව ලැබේ. මෙම ප්‍රදේශයේ ඉහල ජෛව විවිධත්වයක් පැවතියද මෙම පරිසර පද්ධති ආශ්‍රිතව තවමත් නිසි අධ්‍යයනයක් සිදුවී නොමැති බැවින් වනජීවී දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන් හට මෙන්ම විද්‍යාඥයන්ටද පර්යේෂණ කටයුතු සිදු කිරීමට මෙමගින් අවස්ථාව උදාවනු ඇත. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත්වන කළුතර දිස්ත්‍රික්කයටම වනජීවී කාර්යාලයක් නොමැති අතර වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ටාසය තුළ වනජීවී නිලධාරීන්ගෙන් සමන්විත බීට්ටු කාර්යාලයක් ස්ථාපනය කිරීමෙන් දිස්ත්‍රික්කයේ අනෙකුත් රක්ෂිත හා වනජීවීන් වෙතද ආරක්ෂාවක් ලබා දිය හැකි වේ.

එබැවින් මේ පිළිබඳව සැලකිල්ලට ගෙන වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වන ජීවී අපරාධ සහ වන ජිවින්ට සිදුවිය හැකි හානිය වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ගත හැකි වනජීවී කාර්යාලයක් පිහිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.

පිටපත – පරිසරවේදී පේශල පසන් කරුණාරත්න

Post Views: 6
Previous Post

කොරෝනා වෛසරය පවිත්‍රාට හැදුනාට ජී.එල්ට නැහැලු

Next Post

කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ලබන 27 දිවයිනට – ජනපති

editor

editor

Next Post

කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ලබන 27 දිවයිනට - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved