සවුදි අරාබියේ අල්-ඛාර්ජ් (Al-Kharj) නගරයේ පිහිටි නේවාසික සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරය කටාර් රජය දැඩි ලෙස හෙළා දැක තිබේ. මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙය ජාත්‍යන්තර නීතිය සහ සම්මතයන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.නේවාසික සහ සිවිල් ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙවැනි ප්‍රහාර එල්ල කිරීම මගින් දැනටමත් නොසන්සුන්ව පවතින බටහිර ආසියානු කලාපයේ ස්ථාවරත්වය තවදුරටත් අනතුරේ වැටෙන බව කටාර් රජය අවධාරණය කරයි.
ඉරානය විසින් මෙම ප්‍රහාර සාධාරණීකරණය කරමින් ඉදිරිපත් කරන කරුණු කටාර් රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, අසල්වැසි රටවල් ඉලක්ක කර ගනිමින් යුදමය ක්‍රියාමාර්ග ගැනීම කලාපීය සාමයට බරපතල තර්ජනයක් බව ද පෙන්වා දී තිබේ.මෙම දුෂ්කර අවස්ථාවේදී සවුදි අරාබිය සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළ කටාර් රජය, සවුදි අරාබියේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය සුරැකීමට එරට රජය ගන්නා සියලු පියවරයන්ට සිය සහාය පළ කරන බව ද සඳහන් කළේය. පවතින ගැටලු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවත්, කලාපීය ආතතිය තවදුරටත් වර්ධනය වන පියවර ගැනීමෙන් සියලු පාර්ශවයන් වැළකී සිටිය යුතු බවත් කටාර් විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ පවුල්වල සාමාජිකයන් වෙත සහ සවුදි රජය වෙත කටාර් රජය සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින මෙම නවතම උණුසුම් තත්ත්වය හමුවේ ලෝක බලවතුන්ගේ අවධානය ද මේ වන විට සවුදි-ඉරාන දේශසීමා දෙසට යොමු වී ඇත.














